දේශපාලන හේතු මත ගුරුවරුන්ගේ ස්ථාන මාරු අත්හිටුවන්න එපා - ස්ටාලින් ආණ්ඩුවෙන් ඉල්ලයි

Published in පුවත්
Tuesday, 14 January 2025 09:04

පසුගිය ආණ්ඩු කාලවල දී මෙන් වර්තමානයේ දී ද දේශපාලන හේතු මත ගුරුවරුන්ගේ ස්ථාන මාරු අත්හිටුවීමට කටයුතු නොකරන්නැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරයි.

එකම පාසලේ දස වසරක සේවා කාලයක් සහිත ගුරුවරුන්ගේ ස්ථාන මාරු ලේඛන අනුව මේ වන විට පාසල් ප්‍රධානීන්ට දැනුම් දීම් කර තිබෙන නමුත් ඇතැම් ගුරුවරුන් තවදුරටත් එම පාසල්වලම රැඳී සිටීමට උත්සාහ දරන බවට තොරතුරු ලැබී තිබෙන බව ලේකම්වරයා සඳහන් කළේය. මෙවැනි ස්ථාන මාරු අත්හිටුවීමට පසුගිය ආණ්ඩුවල දේශපාලකයන් බලපෑම් කළ බවත් මෙවරත් එවැනි අවස්ථා වාර්තා වෙමින් තිබෙන බවත් හෙතෙම පවසයි.

දස වසරක සේවා කාලයක් සහිත ගුරුවරු හාරදහස් පන්සියයත් පන් දහසත් අතර පිරිසක් ස්ථාන මාරු කිරීමට සුදුසු බවට ගුරු මාරු මණ්ඩලය නිර්දේශ කර තිබෙන නමුත් අනුප්‍රාප්තිකයන් නොමැති වීම මත මෙම ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය ද ගැටලුවකට මුහුණ දී ඇත. මීට පිළියමක් වශයෙන් ලේකම්වරයා පවසන්නේ දුෂ්කර සේවයේ යෙදී නොමැති වයස අවුරුදු හතළිස් පහත් පනහත් අතර සියලු ගුරුවරු ස්ථාන මාරු කළ යුතු බව ය.

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us