විදුලි බිල 20 % කින් 30%කින් අඩු කල යුතුයි - ජනතාවගේ යෝජනාව ගැන කොමිසම කියයි

Published in පුවත්
Tuesday, 14 January 2025 09:15

විදුලි බිල සියයට 20 ත් - 30 ත් අතර ප්‍රමාණයකින් අඩු කළ යුතු බව විදුලි ගාස්තු සංශෝධනය සඳහා පළාත් නවයම ආවරණය වන පරිදි කළ මහජන අදහස් විමසීමේදී යෝජනා වී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

දේශපාලනඥයන්, විවිධ සංවිධානවල නියෝජිතයන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, ඇතුළු විවිධ බලශක්ති සංගම්වල නියෝජිතයෝ 400 කට ආසන්න සංඛ්‍යාවක් මෙම පළාත් සැසි සඳහා සහභාගී වූහ.

එහිදී පොදුවේ මෙ‌​ෙලස සියට 20 ත් - 30 ත් අතර ප්‍රමාණයකින් විදුලි බිල අඩු කළ යුතු බවට යෝජනා වී ඇත.

ඒ අනුව මහජන උපදේශනයේදී ඉදිරිපත් කෙරෙන අදහස් හා යෝජනාද සැලකිල්ලට ගෙන මේ වසරේ මුල් මාස 6 සඳහා බලාත්මක වන විදුලි ගාස්තු සඳහා අවසන් තීරණය මෙම සතිය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු අප කළ විමසුමකදී පවසා සිටියේ පළාත් නවයේම මේ වන විට විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම මේ වන විට අවසන්ව ඇති බවය.

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම ඉකුත් 10 වැනිදායින් අවසන් විය. යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ බස්නාහිර පළාතේ මහජන අදහස් ලබා ගැනීම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම පසුගිය දෙසැම්බර් මාසයේදී මධ්‍යම පළාතේ ආරම්භ වූ අතර පසුව එය සෙසු පළාත්වලද ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කටයුතු කළේය.

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us