ඌවේ ඡන්දයෙන් පසු එජාපයේ වෙනස්කම් රැසක්

Published in පුවත්
Friday, 19 September 2014 11:05

එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක වෙනස්කම් රැසක් එළඹෙන ඌව පළාත් සභා ඡන්ද විමසීමෙන් පසුව සිදු වනු ඇති බව එම පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා ප‍්‍රකාශ කරයි.

ලබන විසි තුන් වනදා රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ රැස්වීමේදී මේ පිළිබඳ සාකච්ඡ කරන බව ඔහු කියා සිටියේ ය.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්තී‍්‍රවරයා තවදුරටත් ප‍්‍රකාශ කර සිටියේ ඉදිරියේදී පැවැත්වෙන ජාතික මැතිවරණය වෙනුවෙන් පියවර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡ කරන බවයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරය සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස මහතා, තමන්ද නිර්දේශ කරන බව පක්ෂයේ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගියදා ප‍්‍රකාශ කර තිබිණ.

මේ පිළිබඳව අවසන් තීන්දුවක්ද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගනු ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග අනාවරණ කරයි.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us