රථ ආනයනයට අදාළ ගැසට්ටුව පෙබරවාරි මාසය ඇතුළත

Published in පුවත්
Thursday, 30 January 2025 09:28

කාර් රථ ආනයනයට අදාළ ගැසට්ටුව පෙබරවාරි මාසය අතුළත නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශය රජයේ මුදල් කාරක සභාවට පෙරේදා (28 වැනිදා) දැනුම් දී තිබේ. මෙම දැනුම්දීම කර ඇත්තේ එම කාරක සභාව පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී ය.

එලෙස ආනයනය කරන කාර් රථවලට බදු වර්ග හතරක් අයත් වෙයි. සියයට 18ක අගය එකතු කිරීමේ බදු (වැට්), සියයට විස්සක රේගු බදු, නිෂ්පාදන බදු සහ සුඛෝපභෝගී බදු වශයෙනි. නිෂ්පාදන බදු ඇතුළත් කිරීමේ දී රේගු බදු ඇතුළත් නොකෙරෙන බවට 2018 වසරේ හඳුන්වා දී තිබූ රෙගුලාසිය මේ වන විට ඉවත් කර තිබෙන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දන්වා තිබේ. මෙවර වාහනවලට නිෂ්පාදන බදු අය කිරීමේ දී සියයට හයක පමණ වැඩිවීමක් ඇතැයි ද එලෙස බදු සැකසෙන්නේ කැබිනට් මණ්ඩලය අනුමත සූත්‍රයක් අනුව යැයි ද දැනුම් දෙනු ලැබ ඇත.

කාර් රථ ගෙන්වන ගැසට්ටුව නිකුත් කෙරෙන්නේ පෙබරවාරි මස පළමු වැනිදා සිට ද යනුවෙන් කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා කළ විමසුමට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පවසා ඇත්තේ එම මාසය අතුළත එම ගැසට්ටුව නිකුත් කරන බව ය.

 

Last modified on Thursday, 30 January 2025 09:32

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us