වන අලින් දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු වළක්වා ගන්න පියවර රැසක්

Published in පුවත්
Friday, 21 February 2025 13:44

වනඅලි දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු වළක්වාගැනීම සඳහා කඩිනම් පියවර රැසක් ගැනීමට තීරණය කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව හරහා සාහසික ලෙස අලි ඇතුන් ඝාතනය වීම සමගාමීව  ඊට විරුද්ධව උද්ඝෝෂණයක්  සහ ලිපියක් බාරදීම අද  (21) පෙරවරු එකොළහට පමණ දුම්රිය මූලස්ථානය ඉදිරිපිට දී
සියලු පරිසරවේදීන්ගේ එකමුතුවෙන් උද්ඝෝෂණයක් ද සූදානම් කොට තිබේ.

වෙලාව  – 11.00

ස්ථානය –  දුම්රිය මූලස්ථානය ඉදිරිපිට .
දවස      –       2025 පෙබරවාරි 21

කෙසේ වෙතත් මීන ගයා දුම්රියේ ගැටී වන අලි 6 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ල්මේන්තු පරිශ්‍රයේදී ඊයේ (20) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණි.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවති බව සඳහන් ය.

ප්‍රවාහන, පරිසර, ඩිජිටල් යන අමාත්‍යංශ, දුම්රිය හා වනජීවි දෙපාර්තමේන්තුව සහ ඊට අදාළ ආයතනවල ඉහළ නිලධාරීන් ද විවිධ පරිසර හා වනජීවී සුරකින සංවිධාන ද මෙම සාකච්ඡාව සඳහා එක්වී තිබේ.

එහිදී වනඅලි අනතුරු බහුල අදාළ ප්‍රදේශයේ දුම්රිය මඟ දෙපස වඩාත් දෘෂ්‍යමාන වන ලෙස හෙළිපෙහෙළි කිරීමටත්, ඩිජිටල් ඇතුළු නව තාක්ෂණ ක්‍රමවේද භාවිත කිරීම පිළිබඳවත් වැඩි අවධානය යොමුවී ඇති බව සඳහන් ය.

දුම්රියවල ආලෝක පද්ධති ඉදිරියට මෙන්ම දෙපසටත් විහිදෙන ලෙස සවිකිරීම සහ කහ ආලෝක වෙනුවට සුදු පැහැති ආලෝකය භාවිත කිරීමටත් එම සාකච්ඡාවේදී අවධානය යොමුවී තිබේ.

Last modified on Friday, 21 February 2025 13:49

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us