බස්නාහිර පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් වර්ජනයක

Published in පුවත්
Thursday, 21 August 2025 08:19

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියගේ අත්තනෝතික ක්‍රියාකලාපයන්ට එරෙහිව බස්නාහිර පළාත් සභාවට අයත් සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් අද (21) දිනයේ සිට අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද උදෑසන 8.00 සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම පැවසුවේය.

අදාළ අධ්‍යක්ෂවරියගේ ක්‍රියාකලාපයන්ට විරෝධය පල කරමින් ඊයේ (20) දිනයේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබීය.

සිය ඉල්ලීම්වලට බලධාරින්ගෙන් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් අද දිනයේ බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් 31ක මෙම වර්ජන ක්‍රියාමාර්ගය සිදුකරන බව චානක ධර්මවික්‍රම පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us