ගංජා වැවිල්ලට වෛද්‍ය සංගමයේ විරෝධය Featured

Published in පුවත්
Thursday, 21 August 2025 08:35

මෙරට ගංජා වගා කිරීමට විදේශීය සමාගම්වලට අවසරය ලබාදීමට රජය ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකරමින් එම තීරණය අවලංගු කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත.

ගංජා වගා කිරීමට විදේශීය සමාගම්වලට ලබාදී ඇති තීරණය ප්‍රකාශ කිරීමේදී ‘ඖෂධීය භාවිතය’ යන යෙදුම භාවිත කිරීම නොමග යවන සුළු බවත්, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල ගංජා ඖෂධ භාවිතය සඳහා අනුමැතිය ලබාදී ඇත්තේ ඉතා විරල රෝගාබාධ සඳහා සීමා තත්ත්වයන් යටතේ බවත් අදාළ ලිපියේ දැක්වේ.

ලෝකයේ රටවල ගංජා ටොන් ගණන් නිෂ්පාදනය කෙරෙන බැවින් ඖෂධ නිෂ්පාදනය කිරීමට සහ වැඩිදුර පර්යේෂණ සඳහා අවශ්‍ය ගංජා මෙරට භූමි තුළ වගා කිරීම අවශ්‍ය නොවන බවත්, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය පාලන මණ්ඩලයට අනුව, ඖෂධීය භාවිතය සහ ඖෂධ නිෂ්පාදනය අරමුණු කර ගනිමින් වගා කරන ගංජා ප්‍රමාණය 2021 වසරේ සිට අඩුවී ඇති බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි.

ගංජා වගාව හෝ නිෂ්පාදන හා බැඳුණු බහුජාතික සමාගම් පසුගිය කාලයේදී ඇමරිකානු ඩොලර් බිලියන ගණනින් පාඩු ලැබූ බවත්, එම පාඩු පියවරා ගැනීමට ඔවුන් සිය වෙළෙඳපොළ පුළුල් කිරීමට ගෝලීය වශයෙන් සාමූහික උත්සාහයක නිරත වෙමින් සිටින බවත්, ගංජා වගාව ලාභදායී ලෙස පෙන්වා ඊට අවකාශය ලබා ගැනීමට මෙම බහුජාතික සමාගම් බලාපොරොත්තු වන බවත් එම සංගමය සඳහන් කරයි.

මෙරට තුළ ‘ආරක්ෂිත’ වගාවන් ක්‍රියාත්ම කිරීම ප්‍රායෝගිකව කළ නොහැකි බවත්, වත්මන් තත්ත්වයට වඩා වැඩියෙන් මෙරට තුළ ගංජා පැතිරීම සඳහා මෙම යෝජිත වගාවන් දායක වන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි.

එම සංගමයේ සභාපති වෛද්‍ය සුරන්ත පෙරේරා සහ දුම්කොළ, මත්පැන් සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ කමිටුවේ සභාපති වෛද්‍ය අනුලා විජේසුන්දරගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කර ඇති අතර, එහි පිටපත් අගමැතිවරියට, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැතිවරයාට සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැතිවරයාටද යවා තිබේ.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us