වසරකට ළමා පිිළිකා රෝගීන් 900ක් - මේ රෝග ලක්ෂණ ඇත්නම් දරුවා වහා වෛද්‍යවරයකු වෙත යොමුකරන්න

Published in පුවත්
Friday, 05 September 2025 12:20

වසරකට ළමා පිිළිකා රෝගීන් 900ක් පමණ වාර්තා වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ (NCCP) උපදේශක ප්‍රජා විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා පවසයි.

එම පිළිකා බොහොමයක් කල් ඇතිව හඳුනා ගතහොත් සුව කිරීමට හැකියාව ඇති බවත් මවුපියන් මේ සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් විය යුතු බවත් හෙතෙම පවසයි.

තම දරුවාගේ අසාමාන්‍ය ඉදිමුමක්, කුද්දැටි ඉදිමුමක්, ඇසේ කළු ඉංගිරියාවේ සුදු පැහැති පෙන්වීමක්, උදේට උදේට හිසරදය සමග වමනය ඇති වීම වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත දරුවා යොමු කිරීම වැඩිහිටියන්ගේ වගකීමක් බවත් වෛද්‍යවරයා කියයි.

රෝගීන් සඳහා රජයෙන් නොමිලේ ප්‍රතිකාර ලබා දෙන බවද, මහරගම අපේක්ෂා රෝහලේ ළමා පිළිකා රෝග අංශයට පැමිණ ප්‍රතිකාර කරගත හැකි බවද හෙතෙම පවසයි.

ලංකාවේ බහුලව වාර්ථා වන ළමා පිළිකා අතර ලේ පිළිකාව හෙවත් ලියුකේමියාව, වසා ගැටිති ආශ්‍රිත පිළිකා, අස්ථි පිළිකා, ඇස ආශ්‍රිත පිළිකා දැක්විය හැකි බවද වෛදවරයා වැඩිදුරටත් කියයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us