සීඅයිඩියේ අපරාධ පැමිණිලි 60,000 ක් ගොඩ ගැහිලා. Featured

Published in පුවත්
Friday, 05 September 2025 14:22

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන පැමිණිලි සංඛ්‍යාව හැට දහසක් පමණ වන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පවසයි.

එමෙන්ම සම්පත් හිඟතාවය නිසා මේ පැමිණිලි විභාග කිරීමට බාධා ඇතිව තිබෙන බවත් ලංකාදීප පුවත් පත වාර්තා කර තිබිණි.

මෙම පැමිණිලි හැට දහස යනු එම දෙපාර්තමේන්තුවට පමණක් ලැබී ඇති අපරාධ පිළිබඳ පැමිණිළි ප්‍රමාණය පමණි. සාමාන්‍යයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු වන්නේ බරපතල කාරණා සම්බන්ධයෙනි.

එසේම එසේ පැමිණිල්ලක් කිරීමේ හැකියාව සහිත අය පමණක් මෙම දෙපාර්තමේන්තුවට පැමිණේ. ඒ හැර ඇතැම් පැමිණිල්ලක් පොලිස් ස්ථාන හෝ අධිකරණ මඟින් ලැබෙන එ්වාය. මේ හැටදහස යනු එවැනි බරපලත අපරාධයන් පිළිබඳ පැමිණිළිය..

මීට අමතරව රට පුරා පොලිසිවලට ලැබෙන අපරාධ පැමිණිලි සියල්ල එක් කළ විට ඒ ඉලක්කම ලක්ෂ ගනනකින් සඳහන් කිරීමට සිදු විය හැකිය.

මේ අතර නිතිපතා විභාග කර අවසන් කරන පැමිණිලි අති විශාල ප්‍රමාණයක් තිබේ. එම කොටසත් අත්හැර මෙතරම් අපරාධ පැමිණිලි ගන්නක් ඉතුරුව තිබීමෙන් මේ රටේ කෙතරම් අපරාධ ප්‍රමාණයක් සිදුවනවාද යන්න ගැන අදහසක් ගත හැකිය.

එසේම පැමිණිල්ලක් හෝ සිදු නොකරන අපරාධ ප්‍රමාණයක්ද මේ රටේ තිබේ. ගොඩින් බේරා ගැනීමෙන් ,දේවල් විඳදරා ගැනීමෙන් හෝ ඒවා අවසන් වනවා විය හැකිය.

කෙසේ නමුත් විමර්ශන අවසන් වුවත් මෙම සිදුවීම් ගැන යුක්තිය පසිඳලීම සිදු වන්නේ තවත් ප්‍රමාද වී බව ද පැහැදිලි තත්වයකි. දැනටමත් අධිකරණ වල ගොඩ ගැහී ඇති නඩු ප්‍රමාණය ලක්ෂ 11කටත් වඩා වැඩිය. එ් අතර අපරාධ පිලිබඳ පැමිණිලි අති විශාල ප්‍රමාණයක් ඇත. නමුත් මෙම අපරාධ නඩු විභාගයන් යනු අඩුම තරමින් වසර හත අටක්වත් දිග ඇදෙන නඩුය.

මේ අනුව රටේ අපරාධ අඩුවීම හෝ විමර්ශන සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය හෝ නියමාකාරයෙන් කඩිනමින් සිදු නොවන තත්වය තුළ අපරාධයක් යනු නොවිය යුත්තක් බවට සමාජය තුල ආකල්පයන් ගොඩ නැගෙන්නෙත් නැත. තමන්ගේ සුළු ප්‍රශ්න පවා විසඳා ගැනීමට අපරාධයමය වරදක් කිරීමට දෙවරක් සිතන්නෙ නැත. ඉතා සුළු සිදුවීම වලටත් මිනිස් ඝාතන සිදුවෙයි.

නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වන තරමට, මේ අපරාධයක් කර සැනසිල්ලේ සිටිය හැකි බවට ආකල්ප වර්ධනය වේ. සමහර විය නීතියේ ප්‍රමාදය නිසා අපරාධය සාධාරණීය කරණයටත් ලක්වේ. අපරාධ කරුවන් වීරයන් බවටත් පත්වේ.

ඒ අතර පොලිසියත්, ආණ්ඩුවත් අපරාධ වලට හවුල් වන විට රටේ සිදු වන අපරාධ මැඩලීම කොහොමටවත් පහසු වන්නේ නැත.

අද මේ රට පත්ව ඇත්තේ ඒ තැනටය.

මේ රට අපරාධ රාජ්‍යයක් බව කියන්න මේ සිදුව තිබෙන තත්වය හොඳටම ප්‍රමාණවත්ය.

රාජ්‍ය පාලකයන් තමන් අපරාධ පැඩලන්න අරවා මේවා කරනවා කිව්වාට ඒ දේවල් නිකම් සිදු වන්නේ නැත. අවංකවම ඒ වෙනුවෙන් මැදිහත් විය යුතුය. මහන්සි විය යුතුය. එසේම ‌කොන්ද පණ ඇතිව වැඩ කළ යුතුය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us