ඇල්ලේ අනතුර සිදු වූ ස්ථානයේ පිරිත් සජ්ජායනාවක්

Published in පුවත්
Thursday, 11 September 2025 12:45

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12 කණුව ආසන්නයේ දී අඩි දහසක් පමණ ප්‍රපාතයකට පෙරළී සිදුවූ බස් අනතුරින් මරණයට පත් අයට පිං අනුමෝදන් කර තුවාල ලැබූවන්ට ඉක්මනින් සුවය පතා පිරිත් දෙසුමක් අනතුර සිදුවූ ස්ථානයේදී ඊයේ (10) රාත්‍රී සිදුකෙරණා.

ඇල්ල කොට්ඨාසයේ රාජ්‍ය ආයතන, ව්‍යපාරික ප්‍රජාව ප්‍රදේශවාසීන් එක්ව මෙම පිංකම සංවිධානය කර තිබුණා.

ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති වෙනුර මලින්ද දිසානායක, තංගල්ල නගර සභාවේ සභාපති ඇතුළු වෙළෙඳ සංගම්වල සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් මෙම පිංකම සඳහා සහභාගී වුණා.

තංගල්ල නගර සභා සේවක පිරිසක් සිය පවුලේ සාමාජිකයින් ද සමඟ නුවරඑළිය විනෝද චාරිකාවකට ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදී ඉකුත් (04) වැනිදා රාත්‍රී මෙම අනතුර සිදුව තිබුණා. මෙම බස්රථය අඩි 1000කට අධික පල්ලමකට වැටී තිබුණා.

මෙම අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම්වරයා, බස්රථයේ රියැදුරු ඇතුළු 15 දෙනකු මරුමුවට පත්වුණා. 18 දෙනකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළා.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us