මගී ප්‍රවාහන රථ සම්බන්ධයෙන් අලුත් නීති රැසක්

Published in පුවත්
Thursday, 11 September 2025 15:31

සියලුම දුර ගමන් බස් රථ සහ මගී ප්‍රවාහනයට යොදා ගන්නා වාහන ධාවන ඇරඹීමට පැය 48කට පෙර මූලික තත්ත්ව පරික්ෂණයක් කිරීම අනිවාර්ය කිරීමට තීරණයකර තිබෙනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය රත්නායක පැවසුවේ මෙම තීරණය ප්‍රධාන සාධක හයක් මත පදනම්ව ගෙන ඇති බවත් කිලෝමීටර 100ට වැඩි දුරක් ගමන් කරන වාහන සඳහා පිටත්වීමට පෙර මෙම සහතිකය ලබා ගැනීම අනිවාර්‍ය බවයි.

බස් ‍රථ පමනක් නොව විනෝද චාරිකා,. විශේෂ චාරිකා සඳහා යන බස්‍ රථ සහ මගීන් 10ක් 20ක් පමණ රැගෙන යන වෑන් රථ සඳහාද මෙම යෝග්‍යතා සහතිකය අනිවාර්‍ය බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

මෙම පරික්ෂාවන් මහා පරිමාණ පරීක්ෂාවන් නොව, ටයර්, දර්පණ සහ තිරිංග වැනි අත්‍යවශ්‍ය පරීක්ෂා කිරීම් මෙයට ඇතුළත් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

මේ අතර පාසල් සිසුන් එදිනෙදා ප්‍රවාහනය කිරීම සහ විනෝද චාරිකා සඳහා රැගෙන යාමේදී අනුගමනය කළ යුතු ආරක්ෂක නිර්ණායක සකස් කිරීමට ප්‍රවාහන සහ අධ්‍යාපන අමාත්‍යාංශ සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා.

පාසල් සිසුන්ගේ හා විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා විධිමත් ක්‍රමවේදයන් සැකසීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා ප්‍රවාහන අමාත්‍යාංශය අතර ඊයේ (10) පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවය නිර්මාණය වී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශ තහවුරු කර සිටියේ.

2026 යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් සමඟ පාසල් කාලය පැය භාගයක් දීර්ඝ වීමේදී, බස් රථ සහ දුම්රිය කාලසටහන් ඒ අනුව සංශෝධනය කිරීමට ගත හැකි පියවර සහ ඇතැම් විශ්ව විද්‍යාලයන්හි නේවාසිකාගාර විශ්වවිද්‍යාලයට දුර බැහැරින් පවතින විටදී සිසුන්ට ප්‍රවාහන පහසුකම් සැපයීමට බස් රථ යෙදවීම යනාදී විශේෂ කරුණු ගණනාවක් කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

මෙම සාකච්ඡාව සඳහා ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න ඇතුළුව අමාත්‍යාංශ ද්විත්වයේම නිලධාරීන් එක්ව තිබෙනවා.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us