අන්තර්ජාලයෙන් දරුවන් අපයෝජනය 50%කින් වැඩිවී ඇති බව හෙළිවෙයි

Published in පුවත්
Monday, 22 September 2025 12:01

පසුගිය 2024 වසරේ සිට මේ දක්වා සයිබර් අවකාශයේ වයස අවුරුදු 18 අඩු දරුවන් 43 දෙනකු ලිංගික අතවරයන්වලට ලක්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් පැවසීය.

එය පසුගිය වසර හා සාපේක්ෂව බැලීමේදී මෙම වසරේ 50% වැඩිවීමක් බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

පසුගිය 2024 වසරේදී වයස අවුරුදු 18 ට අඩු දරුවන් 15 දෙනෙකුත් වසරේ මේ දක්වා කාලය තුළ දරුවන් 28 දෙනෙකුත් ලිංගික අතවරයට පත්ව ඇතැයිද ඔහු කීය.

එසේම 2024 වසරේදී දරුවන් 282 කු මත්ද්‍රව‍්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවත්, 2025 වසරේදී දරුවන් 206 කු අත්අඩංගුවට ගෙන ඇති බවත් හෙතෙම කීවේය.

තවද 2024 වසරේ කාන්තාවන් 375 දෙනෙකු ලිංගික අතවරයට පත්ව ඊට සම්බන්ධ සැකකරුවන් 114 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයිද, 2025 වසරේ මේ දක්වා කාන්තාවන් 118 දෙනෙකු ලිංගික අතවරයට පත්ව ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය

දරුවන් සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම් ළඟම තියෙන පොලිසියට හෝ විශේෂයෙන් හඳුන්වා දී තිබෙන 119, 118, භාෂා තුනෙන්ම ක්‍රියාත්මක අංකවලට හෝ 109 - 1997 හදිස්සි ඇමතුම් දුරකථන අංක හෝ නව පොලිස්පතිවරයාගේ 0718598888 දුරකථන අංකයට විශේෂයෙන් ඡායාරූපයකින් හෝ වීඩියෝ පටියකින් ඒ පැමිණිලි යොමු කළ හැකි යැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය.

මේ අතර දිවයින පුරාම අනාරක්ෂිත දරුවන් දහතුන් දහස් හාරසිය පහළොවක ප්‍රමාණයක් සිටින බවට සමීක්ෂණයක් මගින් අනාවරණය වී ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න පැවසීය'

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එසේ පැවසුවේ බණ්ඩාරගම රඹුක්කන රජ මහා විහාරස්ථානයේ ශ්‍රී අත්ථදස්සී දහම් පාසලේ ‘‘අත දස් අභිනන්දන’’ 2025 වාර්ෂික ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේද පැවසීය

එක්කෝ ඒ දරුවන්ගේ අම්මලා පිටරට. එක්කෝ තාත්තාලා පිටරට ගිහිල්ලා. නැත්නම් අම්මා තාත්තා දාලා ගිහිල්ලා. පාසල් අධ්‍යාපනයක් ලබන්නේ නැහැ. අනාරක්ෂිතව ඉන්නේ. එම දරුවන්ව පාසල්වලට යොමු කරලා කැපකරු මාපිය ක්‍රමයක් හඳුන්වලා දීලා ඔවුන්ව රැකගන්න අපි උත්සාහයක් ගන්නවා. ඒක අපේ සාමාන්‍ය රාජකාරීවලට පරිබාහිරව සමාජය වෙනුවෙන් කරන්නේ.

ආර්ථික අපහසුකම් වෙන්න පුළුවන්. වෙනයම් හේතුවක් මත වෙන්න පුළුවන්. පාසල් නොයන පාසල් වයසේ පසුවන දරුවන් ඉන්නව නම් කරුණාකරලා මේ දෙමව්පියෝ විස්තර ගෙනත් දෙන්න. ඒ දරුවන් සම්බන්ධයෙන් මම පුද්ගලිකව පෞද්ගලිකව ඔවුන් සමාජයේ වැඩදායී පුද්ගලයෙක් බවට පත් කරන්න අපිට ශක්තිය තියෙනවා.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us