මේ වසරේ සෘජු විදේශ ආයෝජන ඩො.මි. 783 යි. සිනොපෙක් පිරිපහදුව තවම වැට උඩ Featured

Published in පුවත්
Tuesday, 23 September 2025 14:39

ශ්‍රී ලංකාවට පැමිණි දැවැන්තම විදේශ ආයෝජන යෝජනාව වන, ඩොලර් බිලියන 3.5 ක් පමණ වන හම්බන්තොට සිනොපෙක් ඛනිජ තෙල් පිරිපහදුව පිළිබඳ යෝජනාව මේ වන විට ඇණ හිට ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් වන මුලික ගිවිසුම් පසුගිය ආණ්ඩු සමයේ දී අත්සන් කරන ලද අතර ඒ අනුව මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට වත්මන් ආණ්ඩුව ද කැමැත්ත පළ කර තිබිණි. නමුත් මේ වන විට සිනොපෙක් සමාගම මෙරට වැඩි වෙළඳපොළ ප්‍රවේශයක් ඉල්ලා තිබීම මත ඇතිව තිබෙන ගැටලුව හේතුවෙන් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම ගැටළුකාරීව තිබේ.

මේ පිළිබඳව ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපති අර්ජුන හේරත් මහතා පවසන්නේ, දෙපාර්ශ්වයම එකඟතාවයකට පැමිණීමට කැපවී සිටින බවත්, ඉක්මනින් තීරණයකට එළඹෙනු ඇතැයි විශ්වාස තබා සිටින බවයි.

මේ අතර මේ වසරේ සැප්තැම්බර් 15 වන දින වන විට ශ්‍රී ලංකාවට විදේශ සෘජු ආයෝජන (FDI) ගලා ඒම ඩොලර් මිලියන 783 ක් වූ බව ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා පවසයි.

එමෙන්ම 2025 සඳහා ඩොලර් බිලියන 1 ක FDI සීමාව ඉක්මවා යාමට අපේකෂා කරන බවද පෙන්වා දෙයි.

2022 දී ශ්‍රී ලංකාව අවසන් වරට ඩොලර් බිලියනයක FDI ලබා ගෙන තිබිණි.
ඉතිහාසයේ වැඩිම FDI ප්‍රමාණයක් 2018 දී අත්පත් කරගෙන තිබු අතර එය ඩොලර් බිලියන 2ක් ඉක්මවා තිබිණි.

කෙසේ නමුත් 2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව මේ වන විට බොහෝ දුරක් පැමිණ ඇති නිසා ආයෝජකයින්ගේ රුචිය වැඩි වෙමින් පවතින බවත් හේරත් මහතා පවසයි..

 

dailymirror ඇසුරෙණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us