ලංකාවේ වයස්ගතම පියාට වයස අවු­රුදු 110ක්

Published in පුවත්
Tuesday, 30 September 2025 07:37

ශ්‍රී ලංකාවේ වය­ස්ග­තම පියා ගාල්ලේ කර­න්දෙ­ණිය පදිංචි බොළඳ හකුරු මේනි­යල් මහතා බව ජාතික වැඩි­හිටි මහ­ලේ­කම් කාර්යා­ලය නිල වශ­යෙන් සනාථ කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ. ධර්ම­සිරි මහතා පව­සයි.

එතු­මාගේ නිජ භූමිය වන්නේ ගාල්ල දිස්ත්‍රි­ක්කයේ කර­න්දෙ­ණිය ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ 95A අගු­ළු­ගල්ල ග්‍රාම නිල­ධාරි වස­මය.

පැරණි ජාතික හැඳු­නු­ම්ප­තට අනුව මේනි­යෙල් මහතා 1915 ජුනි මාසෙ හතර වැනිදා මෙලොව උපත ලබා ඇති අතර ඔහු දැන් අවු­රුදු 110ක් වය­සැති ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යෙකි.

ඔහු ලිවී­මට කිය­වී­මට හැකි­යාව ඇති, 5 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යා­ප­නය ලැබූ­වෙක්. මෙම ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යාගේ නීරෝ­ගි­මත් දිවි­පෙ­වෙ­තට හේතු වන්නේ වස විසෙන් තොර පෝෂ­ණීය ආහාර රටා­ව­කට හිමි­කම් කියන ගමේ ඕනෑම නි‍ෙව­සක, පිරි­ත­කට දාන­ය­කට නැතු­වම බැරි අයෙක් බවත් ප්‍රදේ­ශ­වා­සීහු පව­සති.

ඔහු වයස අවු­රුදු අනූ පහක් වෙන තුරුම ගිහි පිරිත් සජ්ඣා­ය­නා­වන්ට සහ­භාගි වුණු බව පව­සන ඒ මහතා පාන්ද­රින්ම වත්ත පිටියේ වැඩට ගොස් කැත්ත උදැල්ල සමඟ හරි හරි­යට සමීප වූ‍ෙවක් බවයි පවුලේ සමී­ප­ත­ම­යින් සඳ­හන් කළේ. මේනි­යෙල් මහතා දරු­වන් නව දෙනෙක්ගේ පියෙකි.

වයස් ගත වුණත් කිසිදු ලෙඩක් දුකක් නොමැ­තිව නිරෝ­ගි­මත්ව සිය ජීවි­තය ගත කරන්න ඔහුට පුළු­වන් වෙලා. සරල දිවි පෙවෙත එයට හේතු­වයි. ජාතික වැඩි­හිටි මහ ලේකම් කාර්යා­ලයේ සිය­වස් දීම­නාවේ සාඩ­ම්බර හිමි­ක­රු­වෙක් වන මේනි­යෙල් මහ­තාගේ බිරිය මෙලො­වින් සමු ගත්තත් දරු මුනු­බු­රන්ගේ නොමඳ ආදර සංග්‍රහ විඳි­මින් ඔහු සැපසේ ජීවත් වෙන බව සඳ­හක් .

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us