අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29) ජරයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ලෝක වැඩිහිටි දිනයට සමගාමීව පැවැත්වෙන වැඩසටහන් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමින්.
අපේ රටේ එන්න එන්නම වැඩිහිටි ජනගහනය වර්ධනය වෙමින් පවතින බව පෙනීයන බව පැවසූ අමාත්‍යවරයා එමනිසා රජයක් හැටියටත්, සංවිධාන සහ ආයතන හැටියටද වැඩිහිටියන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද අවධාරණය කළා.
ජාතික ජන බලවේගයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වැඩ පිළිවෙල තුළ මෙරට වැඩිහිටි ජනගහනයට ප්‍රීතිමත් විශ්‍රාම ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට වැඩසටහන් ගණනාවක් සැලසුම් කර ඇතැයිද සඳහන් කළා.
එම වැඩසටහන් අතර වැඩිහිටියන්ට සක්‍රීයව තම ජීවන කටයුතු කරගෙන යාමට අවශ්‍ය සංවිධානගත වීමටත්, සමිති සමාගම් පැවැත්වීමටද ඒවාට අවැසි මූල්‍යමය සහාය ලබාදීමටද කටයුතු සූදානම් කළ බවද පැවසුවා.
අඩු ආදායම්ලාභී පවුල්වල වැඩිහිටියන්ට විශේෂයෙන්ම එනම් සක්‍රීය ලෙස ශ්‍රම දායකත්වය ලබාදිය නොහැකි අයට ලබාදෙන ආධාර මුදල ඉහළ දැමූ බවද අවධාරණය කළා.
මෙම රජය බලයට පත් වන විට අට ලක්ෂ පනස් දහසකට පමණ පිරිසකට රුපියල් තුන්දහසක ආධාර මුදලක් ලබාදුන් බවද වත්මන් රජය ප්‍රමාණාත්මකව මෙම අට ලක්ෂ පනස් දහස ලස්ඛ දහය දක්වා වැඩි කර රුපියල් 3000 ක දීමනාව රුපියල් 5000 දක්වා වැඩිකර මූල්‍යාධාර ලබාදීමද වැඩිකර ඇතැයි සඳහන් කළා.
වර්තමානයේ හමුවන න්‍යෂ්ටික පවුල් තුළ වැඩිහිටියන්ට පවුල තුළ රැකවරණය අහිමි වී ඇති අහර එමනිසා ආයතනගතව වැඩිහිටියන් රැකබලා ගැනීමේ වැඩසටහන්වලට අමාත්‍යංශයක් ලෙස මැදිහත් වන බවද පැවසුවා.
ඒ අනූව වැඩිහිටියන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථාන වලට අවශ්‍ය පහසුකම් සැලසීමද රජය මගින් වැඩිහිටියන් රැකබලා ගැනීමේ වෙනම මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ වැඩසටහන්ද දියත් කර ඇතැයි අවධාරණය කළා.
අප රටේ තවමත් වැඩිහිටියන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ 2000 වර්ෂයේදී සම්මත කළ පනතක් බව සිහිපත් කළ අමාත්‍යවරයා වැඩිහිටියන් සම්බන්ධව අවශ්‍ය නීති රීති සකස් කිරීමට රජය මැදිහත් වී ඇතැයිද ඒ අනූව මේ වන විට වැඩිහිටියන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ ප්‍රීතිමත් විශ්‍රාම දිවියක් තහවුරු කිරීම සඳහා නව පනතක් සකස් කරමින් යන බවද පැවසුවා.
පසුගිය මාස කිහිපයේදී රජය විසින් වැඩිහිටියන් සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ කළ බවද එම ප්‍රතිපත්තිය මේ වන විට කැබිනට් මණ්ඩලය අනුමත කර ඇතැයිද, ඔක්තෝබර් පළවෙනිදා එනම් ජාත්‍යන්තර වැඩිහිටි දිනයේදී මෙම ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.