නොවැම්බර් 01දා සිට සිලි බෑග් නොමිළේ දීම තහනම්

Published in පුවත්
Thursday, 02 October 2025 11:31

 නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් ජල බෝතල්, ළදරු කිරි බෝතල් සහ ප්ලාස්ටික් ආහාර ඇසු­රුම් සඳහා එස්. එල්.එස්. ප්‍රමිති සහ­ති­කය අනි­වා­ර්යය කිරී­ම­ටත්, සිලි බෑග් (පොලි­තින් බෑග්) නොමිලේ පාරි­භෝ­ගි­ක­යන්ට නිකුත් කිරීම නොවැම්බර් 01දා සිට තහ­නම් කිරී­ම­ටත් රජය තීර­ණය කර ඇත.

ලෝක ළමා දින­යේදී දරු­වන්ගේ අනා­ගත සුබ­සි­ද්ධිය වෙනු­වෙන් මෙම අර්ථ­වත් තීන්දුව ගනු ලැබූ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ සමු­ප­කාර සංව­ර්ධන අමාත්‍ය වසන්ත සම­ර­සිංහ මහතා පැව­සීය.

ඒ මහතා මෙසේ පැව­සුවේ එම අමා­ත්‍යං­ශයේ ඊයේ (01) පැවැති මාධ්‍ය හමු­ව­කට එක් වෙමිනි.

දරු­වන්ගේ සෞඛ්‍ය­යට තර්ජ­න­යක් විය හැකි බිස්පෙ­නෝල් A (BPA) සහ තැලේට් (Phthalates) වැනි ශරී­ර­යට අහි­ත­කර රසා­ය­නික ද්‍රව්‍ය අඩංගු නිෂ්පා­දන වෙ‍ෙළ­ඳ­පො­ළට ඇතුළු වීම පාල­නය කර­මින්, සමස්ත පාරි­භෝ­ගික ප්‍රජා­වගේ ආර­ක්ෂාව තහ­වුරු කිරීම මෙහි අර­මු­ණයි.

2003 අංක 9 දරන පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය පනතේ 12 (1) වග­න්තිය යටතේ, දිය­ර­මය පාන රැගෙන යෑමට එක් වර­කට වඩා භාවිත කිරී­මට සුදුසු ප්ලාස්ටික් බෝතල් සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිති පිරි­වි­ත­රය 888 – SLS 1616 හා ළද­රු­වන්ට ආහා­ර­පාන ලබා­දීම සඳහා ප්ලාස්ටික් ද්‍රව්‍ය­ව­ලින් සාදන ලද බෝතල් සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිති පිරි­වි­ත­රය SLS 1306 අනි­වා­ර්යය කර­මින් විධාන නිකුත් කර තිබේ.

එම විධා­න­යට අනුව, දේශී­යව නිෂ්පා­ද­නය කරන ලද ඉහත සඳ­හන් භාණ්ඩ ශ්‍රී ලංකා ප්‍රමිති ආය­ත­නය (SLSI) විසින් නිකුත් කරන ලද SLS ලාංඡ­නය දැරිය යුතුය. එසේම ඉහත සඳ­හන් භාණ්ඩ ආන­ය­නය කරන අව­ස්ථා­වේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආය­ත­නය මඟින් පරීක්ෂා කර ශ්‍රී ලංකා ප්‍රමි­ති­යට අනු­කූල බව සහ­තික කර­ගත යුතු බව ද ඇමැති වසන්ත සම­ර­සිංහ මහතා පැව­සීය.

මෙම විධා­නය 2026 අප්‍රේල් 01 වැනි දින සිට බලා­ත්මක වේ. සිය­ලුම නිෂ්පා­ද­ක­යන්, ආන­ය­න­ක­රු­වන්, බෙදා­හ­රි­න්නන් සහ වෙළෙ­ඳුන් මෙම විධා­න­යට අනු­කූල විය යුතු ය. මෙම බලා­ත්මක කිරීමේ දින­යෙන් පසුව මෙම විධා­නය උල්ලං­ඝ­නය කිරීම පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය පනත යටතේ දඬු­වම් ලැබිය හැකි වර­දක් බව ද ඇමැ­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

මෙම ප්‍රමි­ති­යෙන් තොර ප්ලාස්ටි­ක්වල අඩංගු අහි­ත­කර රසා­යන ද්‍රව්‍ය දරු­වන්ගේ ආහා­ර­පාන සමඟ එක­තුවී ශරී­ර­ගත වීම හේතු­වෙන්, දරු­වන්ට හෝමෝන ගැටලු, පිළිකා, ප්‍රජ­නන පද්ධ­තිය හා සම්බන්ධ ගැටලු, මොළය හා වර්ධ­නය හා සම්බන්ධ ගැටලු සහ තවත් බෝ නොවන රෝග විශාල ප්‍රමා­ණ­යක් ඇති වීමට හේතු වන බව අනා­ව­ර­ණය වී ඇතැයි ද ඇමැ­ති­ව­රයා පෙන්වා දුන්නේය.

කුඩා දරු­වන් සහ පාසල් ළම­යින් බහු­ලව භාවිත කරන ප්ලාස්ටික් වතුර බෝතල් සහ ළද­රු­වන්ට ආහාර ලබා­දෙන බෝතල් ඇතුළු ඇසු­රුම් සම්බ­න්ධ­යෙන් පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය කරන ලද අධ්‍ය­ය­න­ව­ලින් හා රසා­ය­නා­ගාර පරී­ක්ෂ­ණ­ව­ලට අනුව ඒවායේ බිස්පෙ­නෝල් ඒ (BPA) හා තැලේට් (Phthalates) වැනි ශරී­ර­යට අහි­ත­කර රසා­ය­නික ද්‍රව්‍ය අනා­ර­ක්ෂිත මට්ට­ම්ව­ලින් පව­තින බව අනා­ව­ර­ණය වී ඇත.

මේ සම්බ­න්ධ­යෙන් සුදුසු ක්‍රියා­මාර්ග ගැනී­මට අධි­කා­රිය විසින් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය, කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලය, පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලය, ශ්‍රී ලංකා ප්‍රමිති ආය­ත­නය, කාර්මික තාක්ෂණ ආය­ත­නය, බියුරෝ වෙරි­ටාස් ආය­ත­නය පර්යේ­ෂණ දත්ත ලබාදී ඇත. එසේම ආන­යන හා අප­න­යන පාලන දෙපා­ර්ත­මේ­න්තුව, පරි­සර අමා­ත්‍යාං­ශය, මධ්‍යම පරි­සර අධි­කා­රිය, පරි­සර සංවි­ධාන, වෙළෙඳ, වාණිජ, ආහාර සුර­ක්ෂිත සහ සමු­ප­කාර සංව­ර්ධන අමා­ත්‍යාං­ශය, කර්මාන්ත අමා­ත්‍යාං­ශය ඇතුළු නියා­මන ආය­තන හා විද්වත් පාර්ශ්ව සමඟ සිදු කළ සාක­ච්ජා­ව­ලදී ඔවුන් විසින් ඉදි­රි­පත් කරන ලද පර්යේ­ෂණ දත්ත මඟින් මෙම තොර­තුරු තහ­වුරු වී ඇත.

සිලි බෑග් නොමිලේ නිකුත් නොකළ යුතු බවට වූ විධා­නය සිලි බෑග් භාවි­ත­යෙන් පරි­ස­ර­යට, පාරි­භෝ­ගි­ක­යන්ගේ ජීවිත හා දේප­ළ­ව­ලට සිදු වන හානිය අවම කිරීමේ අර­මු­ණින් නිකුත් කරන බව ද ඇමැ­ති­ව­රයා පැව­සීය.

පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය විසින් මධ්‍යම පරි­සර අධි­කා­රිය, පරි­සර අමා­ත්‍යාං­ශය හා වෙළෙඳ, වාණිජ, ආහාර සුර­ක්ෂිත්තා සහ සමු­ප­කාර සංව­ර්ධන අමා­ත්‍යාං­ශය සමඟ දීර්ඝ වශ­යෙන් සාකච්ඡා කර නීති­ප­ති­ව­ර­යාගේ ද උප­දෙස් ඇතිව සිලි බෑග් සම්බ­න්ධ­යෙන් වූ විධා­නය ලබන නොවැ­ම්බර් 01 වැනිදා සිට බල­පැ­වැ­ත්වෙන පරිදි නිකුත් කරනු ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us