සාමාන්‍ය මානසික රෝගීන්ට මෙන්ම උග්‍ර මානසික රෝගීන්ට නව ප්‍රතිකාර ක්‍රම සහ තාක්ෂණයෙන් දියුණු ප්‍රතිකාර භාවිත කිරීමට දැනට පවතින වසර 150ක් පැරැණි ආඥා පනත බාධාවක් බැවින් නව පනතක් පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජයසිංහ මහතා සමඟ සාකච්ඡා කළ බව ද කපිල රණසිංහ මහතා පැවැසීය.
ලෝක මානසික දිනය නිමිති කරගෙන මානසික සුවය සඳහා ජනමාධ්‍ය දායකත්වය පිළිබඳ පසුගියදා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේදී පැවැති වැඩමුළුවේදී මනෝ වෛද්‍ය කපිල රණසිංහ මහතා මේ බව පැවැසීය.
වසර 15ක පමණ කාලයක සිට මානසික සෞඛ්‍ය සඳහා වන නව පනත පිළිබඳව කතිකාවක් තිබෙන බවත් මනෝ වෛද්‍යවරුන් විසින් ඒ සම්බන්ධයෙන් පසුගියදා තමන් සමඟ සාකච්ඡා කළ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දිනමිණ කළ විමසුමකදී සඳහන් කළේය.
මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් වූ නව පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා වන ක්‍රියාවලියේ පවතින බව ද කී ලේකම්වරයා ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගත වනු ඇතැයිද පැවසීය.