මෙරට පදිංචි වීමට අපේක්ෂා කරන විදේ­ශි­ක­යන් වෙනු­වෙන් වාස වීසා

Published in පුවත්
Friday, 03 October 2025 08:42

විශේෂ කාර්ය­යන් සඳහා මෙරට පදිංචි වීමට අපේක්ෂා කරන විදේ­ශි­ක­යන් වෙනු­වෙන් වාස වීසා ලබා දීමට ශ්‍රී ලංකා රජය තීර­ණය කර තිබේ.

ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වා දුන් තනි පුද්ගල ආයෝ­ජන කට­යුතු සඳහා එක්වන විදේ­ශි­ක­යන්ට වාස වීසා ලබා දෙනු ඇත.

ඒ අනුව වාස වීසා (Residence Visa) ලබා­දීමේ ක්‍රමය යටතේ ලියා­ප­දිංචි වූ පළමු විදේ­ශි­කයා බවට ජර්මානු ජාතික ආචාර්ය පායි ඩ්‍රෙශල් මහතා පත්ව තිබේ. ඊට අදාළ වාස වීසා අව­ස­රය මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද විජේ­පාල මහතා අතින් ඩ්‍රෙශල් මහතා වෙත පෙරේදා (01) ප්‍රදා­නය කළේය.

ශ්‍රී ලංකා ජන­ර­ජයේ අංක 2360/24 හා 2023.11.27 දිනැති අති­වි­ශේෂ ගැසට් පත්‍රයේ පළ­කර ඇති සංශෝ­ධිත ආග­මික හා විගා­මික නියෝග යටතේ අනු­මත තනි පුද්ගල ආයෝ­ජක කාණ්ඩ­යට අදා­ළව මෙම වීසා ලබාදී ඇත. මෙම වාස වීසා විශේෂ කාර්ය­යන් සඳහා පදිංචි වීමේ පහ­සු­කම් ලබා­ගැ­නී­මට ශ්‍රී ලාංකික නොවන අය­කුට ලබා­දෙන අව­සර පත්‍ර­යක් බව මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු අමා­ත්‍යාං­ශය පව­සයි.

තනි පුද්ගල ආයෝ­ජක කාණ්ඩයේ වාස වීසා සඳහා විදේ­ශි­ක­යන් අය­දුම් කිරී­මේදී, අමෙ­රි­කානු ඩොලර් 100,000 හෝ ඊට සමාන විදේ­ශීය මුද­ලක් සඳහා වසර 05ක වාස වීසා­වක් ලබා­දෙන අතර ඊට අම­ත­රව අමෙ­රි­කානු ඩොලර් 200,000 හෝ ඊට සමාන විදේ­ශීය මුද­ලක් සඳහා වසර 10ක වාස වීසා­වක් ලබා­දීම සිදු කරන බව ද එම අමා­ත්‍යාං­ශය කියයි.

අදාළ ආයෝ­ජ­කයා විසින් ශ්‍රී ලංකාවේ ඕනෑම බල­ප­ත්‍ර­ලාභී වාණිජ බැංකු­වක, වීසා වැඩ­ස­ට­හන් විදේශ ගිණු­මක් (Visa Programme Foreign Currency Account- VPFCA) විවෘත කර ඉහ­තින් සඳ­හන් කළ මුදල තැන්පත් කිරීම මගින් මෙම වාස වීසාව ලබා­ගැ­නීම සඳහා අයැ­දුම් කිරීමේ හැකි­යාව ඇත.

විදේ­ශි­ක­යන්ට ශ්‍රී ලංකාව තුළ ආයෝ­ජන කිරී­මට අවශ්‍ය පහ­සු­කම් සැල­සී­මට හැකි වන අයු­රින් මෙම තනි පුද්ගල ආයෝ­ජන කාණ්ඩ­යට අදාළ වාස වීසා ලබා­දී­මෙන් මෙරට තුළ විදේ­ශීය ආයෝ­ජන ප්‍රව­ර්ධ­නය කිරී­මට අපේක්ෂා කරන බව ද මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු අමා­ත්‍යාං­ශය කියයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us