එම සම්මුඛ පරීක්ෂණ දකුණු පළාතේ ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල හෙද විදුහල්වලදීත්, ඌව පළාතේ සියළුම දිස්ත්‍රික්කවලට අදාළව බදුල්ල හෙද විදුහලේදීත් පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණිය යුතු වන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් පෙර දැනුම්දීම් සිදු කල පුද්ගලයින් පමණක් වන බවද එම අමාත්‍යාංශය නිවේදනය කරනවා.