දිගු නිවාඩුවට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ බස් සේවා­වක් අද සිට

Published in පුවත්
Friday, 17 October 2025 07:53

එළ­ඹෙන දීර්ඝ සති අන්තය ආරම්භ කෙරෙන අද (17) සිට ලබන 20 වැනි දිනට යෙදී ඇති දීප­ාවලී උත්ස­වය වෙනු­වෙන් විශේෂ බස් සේවා­වක් යොදවා ඇතැයි ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභාව පව­සයි.

මේ බස් සේවාව පිට­කො­ටුව බැස්ටි­යන් මාවත කේන්ද්‍ර කර­ගෙන මගීන්ට ප්‍රවා­හන පහ­සු­කම් සැල­සී­මට සූදා­නම් කර ඇතැයි නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ජාතික ගම­නා­ග­මන කොමි­සම පව­සයි.

ඒ අනුව හැටන් – බදුල්ල, වවු­නි­යාව – යාප­නය යන ගම­නා­න්ත­ව­ලට වැඩිම මගී ඉල්ලු­මක් අපේ­ක්ෂා­වෙන් බස් ඇණි­යක් සූදා­නම් කර ඇති අතර මේ මාර්ග සඳහා අව­සර පත්‍ර නිකුත් කර ඇති බස් රථ උප­රිම ධාරි­තා­ව­යෙන් යුක්තව ධාව­නය කර­වී­මට සැල­සුම් යොදා ඇති බවත් නිවේ­ද­නයේ දක්වා ඇත.

බස්නා­හිර පළාතේ ප්‍රවා­හන අධි­කා­රියේ බල­ප­ත්‍ර­ලාභී බස් රථද මේ වැඩි­වන මගී ඉල්ලුම සපු­රා­ලීම සඳහා යොදා ගැනී­මට අපේක්ෂා කරන අතර එම බස් රථ සඳහා තාව­කා­ලික අව­සර පත්‍ර නිකුත් කිරීම ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභාවේ බැස්ටි­යන් මාවත කාර්යා­ලය මඟින් සිදු කරනු ලබන බවත් ඒ සඳහා සාමාන්‍ය දින­වල කාර්ය චක්‍රයේ නිල­ධා­රීන්ට වඩා වැඩි ප්‍රමා­ණ­යක් අනු­යුක්ත කර ඇති බවත් කොමි­සම කියයි.

මේ කාල­සී­මා­වෙන් පසු නැවත කොළඹ දක්වා පැමි­ණෙන මගීන්ට ප්‍රවා­හන පහ­සු­කම් සලසා ඇති බව පව­සන කොමි­සම වැඩි මගී ඉල්ලු­මක් පැවති ප්‍රදේශ අයත් වන පළාත් ප්‍රවා­හන අධි­කාරි වෙත තාව­කා­ලික අව­සර පත්‍ර යටතේ බස් රථ යොද­වන ලෙස උප­දෙස් ලබා දී ඇති බව කියා සිටි­යේය.

ඒ සඳහා අවශ්‍ය තාව­කා­ලික අව­සර පත්‍ර ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභාව විසින් මේ වන විටත් පළාත් ප්‍රවා­හන අධි­කාරි වෙත යොමු කර ඇති අතර තවද මේ දීර්ඝ සති අන්ත­යෙන් පසු කොළඹ ප්‍රදේ­ශ­යට වැඩි මගී ඉල්ලු­මක් පව­තී­යැයි පුරෝ­ක­ථ­නය කර ඇති බස් රථ නැව­තු­ම්පො­ළ­වල අධී­ක්ෂ­ණ­යට ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභාවේ නිල­ධා­රීන් ද යෙද­වී­මට සැල­සුම් කර තිබේ. 1955 ක්ෂණික දුර­ක­තන අංකය පැය 24 පුරාම ක්‍රියා­ත්මක වන බවත්, ජංගම පරී­ක්ෂණ අංශය මඟින් මේ කාල­සී­මාවේ නිර­න්ත­ර­යෙන් මාර්ග­ගත පරීක්ෂා කිරීම සිදු කරන බවත් පව­සන කොමි­ෂන් සභාව වැඩි­පුර ගාස්තු අය කිරීම සම්බ­න්ධ­යෙන් දැඩි විනය ක්‍රියා­මාර්ග ගන්නා බවත් කොමි­සම කියා සිටී.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us