ළමයින් ගේ යහපත වෙනුවෙන් ගෙන ආ පනත් සංශෝධනය හකුලයි Featured

Published in පුවත්
Friday, 17 October 2025 17:24

පොදු පුරවැසියන් එකඟ නොවන කිසිම නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා පැවසුවේ ජනතාව එම නීති ප්‍රතික්ෂේප කරන්නේ නම් එම නීති සම්පාදනයෙන්ද ඵලක් නොවන බවය.

''රට නගන ගුරු පවුර'' යන තේමාවෙන් ලංකා ගුරුසේවා සංගමය සංවිධාන කළ ජාතික ගුරු සමුළුව අද (17) පෙරවරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර ඊට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

"දරුවා කෙරෙහි දෙමාපියන්ට තියෙන බලාපොරොත්තුවට අපි යුක්තිය සහ සාධාරණත්වය ඉටු කළ යුතුයි. ඒ වෙනුවෙන් විශාල අධ්‍යාපන ප්‍රතිංස්කරණ කෙරෙහි අපි අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම යම් ආන්දෝලනයට තුඩු දීලා තිබෙනවා යම් නීතිමය ප්‍රතිසංස්කරණයන් පිළිබඳව, පනත් සංශෝධනයන් පිළිබඳව.

මම ඔබට එකක් කියන්නම් පාර්ලිමේන්තුවට එහෙම පනතක් ඉදිරිපත් කරලා තියෙන එක ඇත්ත. ඒ පනත පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නෑ. නීති හදන්නේ මම වෙනුවෙන් හෝ පාර්ලිමේන්තුව වෙනුවෙන් නෙමෙයි නීති හදන්නේ පොදු පුරවැසියන් වෙනුවෙන්. පොදු පුරවැසියන් එකඟ නොවන නීතියක් කිසිසේත්ම පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවට මම ඔබට සහතික කරනවා.

නීති හදන්නේ ඔබ වෙනුවෙන්, නීති හදන්නේ ජනතාව වෙනුවෙන්. නීති හදන්නේ ජනතාව වෙනුවෙන් නම්, නීතිවලට අනුගත වෙන්න ඕනේ ජනතාව නම්, ජනතාව එම නීති ප්‍රතික්ෂේප කරනවා නම් එම නීති සම්පාදනයෙන් ඵලක් නෑ. ඒ පිළිබඳව අපි විශේෂයෙන්ම අවධානය යොමු කරලා තියෙනවා. අපි නීති සම්පාදනය කරන්නේ පුරවැසියන්ගේ වුවමනාවෙන් මිසක් පාලකයන්ගේ වුවමනාවෙන් නොවන බවට මම ඔබට සහතිකයක් දෙනවා."

ජනාධිපතිවරයා මෙහි දී මතු කරන්නේ පසුගිය අගෝස්තු 19 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ළමයින්ට දඬුවම් ලබාදීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයට සිදු කරන නව සංශෝධනයක් සහිත පනත් කෙටුම්පත පිළිබඳවය.

කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් මෙම පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා සැප්තැම්බර් 24 වන දා ඉදිරිපත් කළා.

මෙම නව නීති සංශෝධනය ගෙන එ්මේ අරමුණු පැහැදිලි කර තිබිණි. ඉදිරිපත් කරන දී

වයස අවුරුදු 18ට අඩු තැනැත්තන්ට එරෙහි හිංසනවල වරදේ ස්වභාවය මෙන්ම ඊට අදාළව පැනවෙන දඬුවම් එම කෙටුම්පතෙහි දක්වා ඇත.

එහි 04 වැනි වගන්තියේ දක්වා ඇත්තේ ළමයින් සම්බන්ධයෙන් ක්‍රෑර සහ අවමන් සහගත, ශාරීරික හෝ ශාරීරික නොවන දඬුවම් පැනවීම තහනම් බවයි.

එසේම 05 වැනි වගන්තියෙන් අවධාරණය කර ඇත්තේ ළමයකුට එරෙහිව ස්වේච්ඡාවෙන්ම තුවාල කිරීමේ වරද සිදුකරන අවස්ථාවේදී ඉහළ දණ්ඩනයක් හඳුන්වාදෙන බවයි.

ළමයකුට එරෙහිව ස්වේචඡාවෙන්ම බරපතළ තුවාල සිදුකරන වරද සිදුකරන අවස්ථාවේදී ඉහළ දණ්ඩනයක් හඳුන්වාදෙන බව 06 වැනි වගන්තියේ දක්වා ඇත.

මාස හයක් නොඉක්මවන කාලයකට බන්ධනාගාරගත කිරීමක් හෝ රුපියල් ලක්ෂයක් දක්වා දීර්ඝ කළ හැකි දඩයක් හෝ එම දඬුවම් දෙකම ලබාදිය හැකි බවත්, වින්දිතයාට වූ බලපෑමේ ප්‍රකාශය සැලකිල්ලට ගෙන අධිකරණය නිශ්චය කරන මුදලක් අදාළ තැනැත්තාට වන්දියක් ලෙස ගෙවන ලෙසට නියෝග කළ හැකි බවත් නව සංශෝධනයේ දක්වා ඇත.

පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා සැප්තැම්බර් 24 වන දා ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් විශාල විරෝධයක් මතු විය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us