පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (27 වැනිදා) පස්වරුවේ, අදාළ වෙඩික්කරු බව කියන සැකකරු ඇතුළු සැකකරුවන් 04 දෙනකු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර තිබිණි.
ඉකුත් 22 වැනිදා පෙරවරුවේදී සිය නිල කාමරය තුළදී වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 06 දෙනකු කැකිරාව, මහරගම සහ ගාල්ල යන ප්‍රදේශවලදී පෙරේදා (26 වැනිදා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.
මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනයේ වෙඩික්කරු ලෙස සැලකෙන පුද්ගලයා අඟුලුගහ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයකු බව පොලිසිය සඳහන් කරයි.
අනෙක් සැකකරුවන් වන්නේ වෙඩික්කරුගේ බිරිඳ, වෙඩි තැබීම සඳහා වෙඩික්කරු සමග පැමිණි යතුරුපැදියේ පැදිකරු සහ ඔවුන්ට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයන් තිදෙනකු බවද පොලිසිය සඳහන් කරයි.

