කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Published in පුවත්
Tuesday, 28 October 2025 08:54

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-60ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

තද සුළංවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එය අද (28) උදෑසන 7ට නිකුත් කර ඇති අතර, ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වේ.

එම නිවේදනය අනුව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රාකරන බහුදින ධීවර යාත්‍රා සහ දිවයිනේ නැගෙනහිර මුහුදු ප්‍රදේශ සඳහා වලංගු වේ.

එම ප්‍රදේශවල ජනතාවට මේ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙස ද අදාළ නිවේදනයේ දැක්වේ.

දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශදේ ඇති වූ "මොන්තා" සුළි කුණාටුව, අද උදෑසන 2.30 පමණ වන විට මුලතිව් සිට කිලෝමීටර 650ක පමණ ඊසාන දෙසින් අක්ශාංෂ 14.4° N සහ දේශාංශ 83.3° E ආසන්නයේ කේන්ද්‍රගතව තිබුණි.

මෙම පද්ධතිය උතුරට බරව වයඹ දිශාවට ගමන් කරමින් චණ්ඩ සුළිකුණාටුවක් දක්වා තව දුරටත් වර්ධනය වී අද සවස හෝ රාත්‍රියේ දී අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන්කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉදිරි පැය 24 තුළ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවල නිරත ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

ඇතැම් මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළඟේ වේගය විටින්විට පැ.කි.මී. 70-80 දක්වා වැඩිවීමත් සමග එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකිය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us