පමණ ඉක්මවා කිකිළියන් ආනයනය නිසා මෙරට බිත්තර වැඩිවෙලා

Published in පුවත්
Thursday, 30 October 2025 08:36

අලෙවි කිරීමට සිදුව ඇත්තේ, පමණ ඉක්මවා මවු සතුන් ආනයනය කිරීමෙන් ඇතිව තිබෙන බිත්තර අතිරික්තය නිසා බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසයි.

සභාපතිවරයා මෙම අදහස් පළ කළේ මහනුවර පිහිටි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉදිරිපිට වයඹ බිත්තර නිෂ්පාදකයන් දෙසීයක පමණ සහභාගීත්වයෙන් ඊයේ (29 වැනිදා ) පැවැති නිහඬ විරෝධයක් අතරතුරදීය.

උද්ඝෝෂණය අතරතුර අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එච්.ඒ. කොතලාවල හමුවූ නිෂ්පාදකයන්ට ඇය ප්‍රකාශ කර ඇත්තේ, කඩිනමින් ඒ පිළිබඳ සංගණනයක් කරන බවයි.

එමෙන්ම, බැට්‍රිගේජ් මහා පරිමාණ කුකුළු ගොවිපළවල් නියාමනය කරන බවත්, මවු සතුන් ගෙන්වීම හා පවතින අතිරික්තය පිළිබඳ යළිත් නොවැම්බර් 15ට පෙර නිෂ්පාදකයන් කැඳවා සාකච්ඡාවක් සිදුකරන බවත් ඇය පොරොන්දු වී ඇත.

ආනයනික ඉරිඟු ඇතුළු ඖෂධ පිළිබඳව ද සාධනීය පිළිතුරක් ලබාදෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කර තිබේ.

විරෝධතාවට එක්වූ කුඩා ගොවීන් ඉල්ලා සිටියේ, තමන්ගේ දේපළ පවා බැංකුවලට සින්නවෙමින් පවතින බැවින්, දෙපාර්තමේන්තුව කඩිනමින් මේ ගැටලුවට මැදිහත් විය යුතු බවයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us