පොල් මිළ තවත් ඉහළට

Published in පුවත්
Thursday, 30 October 2025 08:54

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 230 ක් දක්වා ඉහළ ගොස් ඇත. සුපිරි වෙළෙඳසල් රැසක පොල් ගෙඩියක් අලෙවි කෙරෙන්නේ රුපියල් 196 ත් 230 ත් අතර මිලකටය.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව සිල්ලර වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 200 ත් 210 ත් අතර මිලක් දක්වා වැඩිවී ඇත. කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 170 ත් 195 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදයට සාපේක්ෂව ලොකු පොල් ගෙඩියක සිල්ලර මිල සියයට 50 කින්ද, කුඩා පොල් ගෙඩියක සිල්ලර මිල සියයට 64 කින්ද ඉහළ ගොස් ඇත.

වෙළෙඳපොළේ ලොකු පොල් ගෙඩියක තොග මිල රුපියල් 175 ත් 185 ත් අතර පරාසයක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදයට සාපේක්ෂව ලොකු පොල් ගෙඩියක තොග මිල සියයට 41 කින් ඉහළ ගොස් ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us