ඒ සඳහා ඇති හැකියාව පිළිබඳ ගවේෂණය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පසුගියදා පවත්වා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
මෙරට අධිවේගී මාර්ග ජාලයේ සමස්ත ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා "රක්නා" ආරක්ෂක ලංකා සමාගමේ මෙහෙයුම් විශේෂඥතාව දායක කර ගත හැකි ආකාරය තක්සේරු කිරීම සහ පවතින ආරක්ෂක රාමුව ඇගයීම පිළිබඳව එහිදී සාකච්ඡා වී තිබේ.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂර්ල් සම්පත් තුයියකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.
මෙහිදි විශ්‍රාමික රණවිරුවන්ගේ සහ රටදැය වෙනුවෙන් දිවිපිදූ රණවිරු පවුල්වල වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමවේදය හා සම්බන්ධ ගැටලු පිළිබඳව ද අවධානය යොමුව තිබේ.
විශ්‍රාම වැටපු දෙපාර්තමේන්තුව සහා විෂයානුබද්ධ අමාත්‍යාංශවල නිලධාරින් විසින් එහිදි පවතින පරිපාලනමය අභියෝග සමාලෝචනය කරනු ලැබූ අතර අදාළ ප්‍රතිලාභීන් වෙත ප්‍රතිලාභ කඩිනමින් ලබාදීම සහතික කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

