අස්වැසුම ගැන දැනුම්දීමක්

Published in පුවත්
Friday, 07 November 2025 08:06

අස්වැසුම ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා 2023 වසරේ ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරන ලද ලක්ෂ 34 අතරින් මිලියනයක පිරිසක් අස්වැසුම ලබාදෙන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට දුක් ගැනවිලි ඉදිරිපත් කර ඇතැයි එම මණ්ඩලයේ සභාපති නිමල් කොටවලගෙදර පැවැසීය.

ඉකුත් 2023 වසරේදී අස්වැසුම සුභ සාධක ප්‍රතිලාභය සඳහා ඉල්ලුම කළ ලක්ෂ 34 කට නැවත ප්‍රතිලාභය ඉල්ලුම් කිරීමට මෙමස 10 වැනිදා සිට දෙසැම්බර් මස 10 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවලගෙදර පැවැසීය.

අස්වැසුම සුභ සාධක ප්‍රතිලාභය සඳහා ලියාපදිංචි වූ සියලු දෙනාම නැවත ලියාපදිංචිය සඳහා අවස්ථාව ලබාදීම මෙහිදී සිදු කෙරෙන බවද සභාපතිවරයා පැවැසීය.

අස්වැසුම පළමු අදියරේ තොරතුරු නැවත තහවුරු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (06 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.

මෙලෙස අස්වැසුම ප්‍රතිලාභය ඉල්ලුම කරන සියලු දෙනාගේ නැවත සමීක්ෂණ කටයුතු පුහුණුව ලත් නිලධාරීන් පිරිසක් අදාළ ඉල්ලුම්කරුවන්ගේ නිවෙස් වෙත ගොස් සිදු කරන බවද සභාපතිවරයා පැවැසීය.

නැවත සමීක්ෂණය කරනු ලබන සියලු දෙනා තේරීම් ක්‍රියාවලිය යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තේරීම් කමිටු හරහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ දත්ත ගබඩාවට ලබා ගන්නා බවද ඔහු පැවැසුවේය.

දුක් ගැනවිලි ඉදිරිපත් කරන ලද මිලියනයක පිරිස සම්බන්ධව මේ වනවිට සුබසාධක මණ්ඩලය විසින් සමීක්ෂණ කටයුතු සිදුකර තිබෙන බවත්, ඔවුන්ට ද මෙවර ප්‍රතිලාභය ලබා ගැනීමට ඉල්ලුම් කළ හැකි බවත් ඔහු කීවේය.

අදාළ ඉල්ලුම් පත්‍ර මාර්ගගත ක්‍රමයට හෝ සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට බාරදීමේ හැකියාව පවතින බවද ඔහු කීවේය. අදාළ ඉල්ලුම් පත්‍ර ග්‍රාම නිලධාරී කාර්යාලවලින් ලබාගත හැකි බවද ඔහු පැවැසීය.

www.eservices.wbb.gov.lk වෙත පිවිස මාර්ගගතව ඉල්ලුම් පත්‍ර පිරවීමේ හැකියාව ඇතැයි ද සභාපතිවරයා පැවැසුවේය.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩල පනතේ විධි විධාන අනුව වසරක කාලයක් තුළදී නැවත ලියාපදිංචි කළයුතු බවද ඔහු කීවේය.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීර මෙහිදී කියා සිටියේ 2023 වසරේ ආරම්භ කරන ලද අස්වැසුම ව්‍යාපෘතියෙන් මේ වනවිට ලක්ෂ 17 ක පමණ ප්‍රතිලාභ ලබන බවත්,අ ස්වැසුම ලබාදෙන පිරිස තෝරා ගැනීමේදී එය ලැබිය යුතු පිරිසකට අදාළ ප්‍රතිලාභය ලැබී නැති බවට පැමිණිලි දිගින් දිගටම ලැබෙන බවය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us