දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයෙකු තෝරාගැනීමේ නිලවරණය අද

Published in පුවත්
Friday, 07 November 2025 08:21

මහනුවර ශ්‍රී දළදා මාලිගාව සඳහා නව දියවඩන නිලමේවරයෙකු තෝරාගැනීම සඳහා වන නිලවරණය අද (7) සිදුකිරීමට නියමිතය.

ඒ අනුව ඊට අදාළ රැස්වීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ මහනුවර බෞද්ධ බලමණ්ඩල ශාලාවේදී අද ප.ව. 2ට පැවැත්වීමට නියමිතව ඇත.

මෙවර මෙම තනතුර සඳහා 7 දෙනෙකු ඉදිරිපත්වීමට නියමිතව ඇති බව සඳහන්.

ඒ අනුව වත්මන් වැඩබලන දියවඩන නිලමේවන ප්‍රදීප් නිලංග දෑල, කතරගම මහා දේවාලයේ සහ පස්ගම ශ්‍රී නාථ දේවාලයේ ප්‍රධාන භාරකරු වන දමින්ද බණ්ඩාර උඩුරාවණ, නාථ දේවාලයේ සහ ඇම්බැක්කේ ශ්‍රී කතරගම දේවාලයේ ප්‍රධාන භාරකරු වන ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක යන මහත්වරු ඉදිරිපත්වීමට නියමිතය.

ඊට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුව සහ කළමනාකරණ පීඨයේ මහාචාර්ය තිලක් සුබසිංහ, එම විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරී ගාමිණී කළුහෙන්ඩිවල, බදුල්ල සෝනුත්තර රජමහා විහාරයේ සහ සතරමහා දේවාලයේ ප්‍රධාන භාරකරු සහ ව්‍යාපාරික රොෂාන් ප්‍රියදර්ශන, විශ්‍රාමික හමුදා කර්නල් නන්ද මඩුගල්ලේ යන මහත්වරුද මේ සඳහා ඉදිරිපත්වීමට නියමිතව ඇති බව සඳහන්.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට අනුව මහා සංඝරත්නයේ සාමාජිකයන් ඇතුළුව පුද්ගලයන් 263 දෙනෙකු මෙවර නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ.

විහාර සහ දේවාලගම් ආඥා පනතට අනුකූලව දියවඩන නිලමේවරයෙකුගේ ධුර කාලය වසර 10ක් වේ.

ඒ අනුව අද දිනයේ පත්වන දියවඩන නිලමේවරයාට 2035 දක්වා සේවය කිරීමට හැකියාව ඇත.

උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය පාලනයට යටත් වූ දා සිට ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ලෙස පුද්ගලයන් 19 දෙනෙකු සේවය කර තිබේ.

දියවඩන නිලමේවරයා පත්කර ගැනීම සම්බන්දයෙන් පැහැදිලිකරන මධ්‍යමපලාත් බෞද්ධ කටයුතු පිලිබද නියෝජ්‍ය කොමසාරිස් අනුරුද්ධ බන්ඩාර මහතා.

"රැස්වීමේදී නාමයෝජනා එකකට වැඩි ප්‍රමාණයක් ලැබුණහොත් ඒ අය අතරින් සුදුස්සෙක් තෝරාගැනීම සඳහා ඡන්ද විමසීම පැවැත්වෙනවා.

පනතට අනුව වයස අවුරුදු 18ට වැඩි 70ට අඩු සිංහල බෞද්ධ පිරිමි අයෙක් විය යුතුයි.

එමෙන්ම ඔහු උසාවියේ වැරදිකරුවෙකු නොවිය යුතුය" යැයි පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us