උසස් පෙළ විභාගය අදින් ඇරඹේ

Published in පුවත්
Monday, 10 November 2025 08:56

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ආරම්භ වන අතර එය දෙසැම්බර් මස 05 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී පැවැත්විමට නියමිතය.

මෙවර විභාගය සදහා අයදුම්කරුවන් 340,525දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර පාසල් අයදුම්කරුවන් 246,521දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004 දෙනෙකු ඊට ඇතුළත් වේ.

විභාගය ආරම්භ වීමට පැයකට පෙර සියලුම අයදුම්කරුවන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළාය.

මේ අතර විභාගය සඳහා පෙනී සිටින දරුවන් සදහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ චන්ද්‍රපාල මහතා පවසයි.

එමෙන්ම විභාගය පවතින කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විශේෂ වැඩපිළිවළක් ක්‍රියාත්මක කර ඇති බව එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා සඳහන් කර සිටී.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us