විපක්ෂයේ තරුවට 'ඩිලාන්ගෙන්' ගල් ප්‍රහාරයක් !

Published in පුවත්
Tuesday, 23 September 2014 11:43

විපක්ෂයේ තාරකාව වූ හරීන් ප්‍රනාන්දු මහතාට ඇමැති ඩිලාන් පෙරේරා මහතාගේ මැරයන් විසින් ඊයේ සවස හාලිඇල දී පහර දී තිබේ.

මෙම ප්‍රහාරයෙන් හරීන් ප්‍රනාන්දු මහතාට තුවාල වී නැතත් ඔහු සමග සිටි පිරිස තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ගමන් ගත් රථ වලට මිලියන ගණනක අලාභයක් සිදුව තිබේ.

ඊයේ සවස 6 ට පමණ හරීන් ප්‍රනාන්දු මහතා ඔහුට සහාය දැක්වූ හාලිඇල ප්‍රදේශයේ මුස්ලිම් නිවසකට ඩිලාන් පෙරේරා සහ මැර කණ්ඩායමක් පැමිණ පහර දෙන බව ආරංචි වීමෙන් පසු හරීන් ප්‍රනාන්දු මහතා එම ස්ථානයට ගොස් ඇත.


එවිට එහි ඩිලාන් පෙරේරා ඇමතිවරයා සිටිනු දැක ඔහුට මේ පිලිබඳ කතා කිරීමට රථයෙන් බැස ඩිලාන් පෙරේරා මහතා අබියසට යද්දී හරීන්ට පහර දෙන්නැයි ඩිලාන් ඇමතිවරයා තම සහචරයන්ට නියෝග කර ඇත.


ඒ සමගම හරීන් ප්‍රනාන්දු මහතාගේ හිතවතුන් ඔහුව බේරා ගත් නමුත් හිතවතුන්ට සහ රථ වලට ඩිලාන් ඇමතිවරයාගේ ගේ මැරයෝ පහර දී තිබේ.

තුවාල ලත් පිරිස මේ වන විට රෝහල් ගත කර ඇති අතර පොලිසිය පැමිණිල්ල ලියා ගැනීම මග හැර තිබේ. පසුව මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා ආදීන්ගේ බල කිරීම මත පැමිණිල්ල ලියාගෙන තිබේ.

Last modified on Tuesday, 23 September 2014 13:24

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us