‘ඉවසුවා ඇති’නඩුව ලබන 23 දක්වා කල්යයි

Published in පුවත්
Monday, 22 September 2014 11:59

එජාප නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කරන ලෙස බල කරමින් ශිරාල් ලක්තිලක හා මෛත්‍රී ගණරත්න යන මහත්වරුන් විසින් ඉකුත් වසරේ ඔක්තෝබර් 05 වැනිදා දෙවුන්දරින් ආරම්භ කළ ‘ඉවසුවා ඇති’ පා ගමනේදී ඇති වූ ගැටුම සම්බන්ධ නඩුව ලබන මාර්තු 23 වැනිදා දක්වා කල් තැබීමට මාතර මහේස්ත්‍රාත්වරයා අද (22) නියෝග කළේය.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් තවත් එක් අයෙකු අත්අඩංගුවට ගත යුතු බව දන්වමින් අද පොලිසිය විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබිනි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ඇතුළු පිරිසකට චෝදනා එල්ලවී තිබේ.


අදාල පාගමනට පහර දුන් බවට 63 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරද ගත කර තිබුණ අතර, එහිදී සිදුවූ වෙඩි තැබීමතක් සම්බන්ධයෙන් තවත් 61 දෙනෙකුට චෝදනා එල්ලවී ඇත.

සමරවීර මහතා ඇතුලු 8 දෙනෙකුට චෝදනා එල්ලවී ඇත්තේ අදාල පාගමන කඩාකප්පල් කරමින් ලවුඩ්ස්පීකරයක් උදුරා ගැනීම සම්බන්ධයෙනි.

මේ නඩුවට මංගල සමරවීර මහතා ඇතුළු පිරිස වෙනුවෙන් නීතීඥ රුවන් කොග්ගලහේවගේ මහතාගේ උපදෙස් පරිදි නීතීඥ උපුල් දේශප්‍රිය මහතා පෙනී සිටියහ.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us