තැපැල් දෙපාර්තමේන්තුවට නව රියදුරන් 36 ක් බඳවා ගැනීම අද

Published in පුවත්
Tuesday, 18 November 2025 09:48

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට නවක රියදුරන් 36 දෙනෙකු බඳවා ගැනීම අද (18) සිදු කෙරෙනවා.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 36 සදහා පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරු 2.00 ට නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.

ප්‍රාථමික ශිල්පීය නිලධර ගණයේ III වන ශ්‍රේණියේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 40 සම්පූර්ණ කිරීම සඳහා පසුගිය ජුනි මාසයේ නිකුත්කරන ලද ගැසට් පත්‍රයට අනූව අයදුම්පත් 1500කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට ලැබී තිබුණු අතර එම අයදුම්කරුවන් ප්‍රායෝගික පරීක්ෂණයකට සහ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයකට යොමුකර ඊට අඳාළ සුදුසුකම් නිසි අයුරින් සම්පූර්ණ කළ 36 දෙනෙකු සඳහා මෙම පත්වීම් ලිපි ලබා දීමට නියමිතව තිබෙනවා.

මෙම නවක තැපැල් රියදුරුමහතුන් හට අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි පත්වීම් ලිපි ලබා දෙන අතර 19-20 යන දෙදින පැවැත්වෙන විශේෂ සේවාස්ථ පුහුණුවෙන් පසු ඔවුන් තැපැල් ප්‍රවාහන අංශයට අනුයුක්ත කිරීමට නියමිතයි.

මේවන විට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව යටතේ තැපැල් රියදුරුමහතුන් 129 කට ආසන්න ප්‍රමාණයක් සේවය කරනු ලබනවා.

පසුගිය වර්ෂ කිහිපය තුළ එම දෙපාර්තුමේන්තුවේ කිසිදු තනතුරකට බඳවා ගැනීම් සිදුකිරීමට පැවති රජයන් පියවර ගෙන නොමැති අතර වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එම දෙපාර්තුමේන්තුවේ භෞතික හා මානව සම්පත් සංවර්ධනයට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එම විශේෂ වැඩපිළිවෙලට සමගාමීව මෙම පත්වීම් ලබා දීම සඳහා ද පියවර ගනු ලැබුවා.

Last modified on Tuesday, 18 November 2025 11:06

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us