තේ දලු නැතිවීමෙන් කර්මාන්තශාලා 150කට වැඩියෙන් වැසීලා

Published in පුවත්
Wednesday, 19 November 2025 07:56

තේ දලු නැතිවීම හේතුවෙන් තේ කර්මාන්තශාලා 150කට වඩා වැඩි සංඛ්‍යාවක් මෑතකදී වැසී ගොස් ඇතැයි මධ්‍ය පරිමාණ තේ වැවිලිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

එම තත්ත්වය දිගටම පැවැතියහොත් 2030 වසර වනවිටදී සමස්ත නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 ඉලක්කයට යාම සිහිනයක් පමණක් වනු ඇති බවත් ඊට ඉක්මනින් විසඳුම් ලබානොදුනහොත් තවත් වසර පහක් පමණ යන විට තේ කර්මාන්තයේ මළගම උදාවෙනු ඇති බවත් එම සංගමයේ සභාපති ප්‍රේමකුමාර ගන්කන්ද පැවසීය.

තේ වතු බොහොමයක් දැනටමත් කැලෑවට අත්හැර දමා ඇති බවද පැල්මඩුල්ලේ රිල්හේන වතුයායේ අක්කර 3600න් දැනට ඉතිරිව තිබෙන්නේ අක්කර 1500ක් පමණක් බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙසේ තේ වතු කැලෑ වැවීමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ වතුවල වැඩට කම්කරුවන් නොමැතිවීම සහ වර්තමානයේදී වතුවල තරුණ පිරිස් විවිධ රටවල්වල රැකියාවලට ගොස් තිබීම යැයි හෙතෙම කීවේය.

මධ්‍ය පරිමාණ තේ වැවිලිකරුවන් මුහුණ පා සිටින ගැටලු සාකච්ඡා කිරීම සහ ඒවාට විසඳුම් දීම සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත හා වතුයටිතල පහසුකම් නියෝජ්‍ය ඇමැති ප්‍රදීප් සුන්දරලිංගම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැල්මඩුල්ල වවුලුගල වතුයායේ පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

තේ දලු අස්වැන්න අඩුවීමට බලපා ඇති අනිත් ප්‍රධානම ප්‍රශ්නය වෙන්නේ පොහොර නොමැතිවීම බවත් දැනට පොහොර ලබාදෙන කිව්.ආර්. ක්‍රමවේදය වැරැදි බවත් සභාපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us