22 වැනිදා වන විට වැසි හා සුළං තත්වයේ වැඩි වීමක්

Published in පුවත්
Wednesday, 19 November 2025 08:07

මෙම මස 22 වැනිදා වන විට යළි අඩු පීඩන කලාපයක් වර්ධනයවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (අනාවැකි) මෙරිල් මෙන්ඩිස් පැවසුවේය.

අන්දමන් දූපත් ප්‍රදේශය ආසන්නයේ මෙම අඩු පීඩන කලාපය වර්ධනය වීමේ හැකියාව පවතින බවද ඔහු කීවේය.

එම අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් උතුරු, නැගෙනහිර පළාත්වලට මෙමස 23 වැනිදා සිට වැසි හා සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බවද අධ්‍යක්ෂවරයා පැවසුවේය.

මේ අතර මේ දිනවල ඇද හැලෙන වැසි හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු හයක් විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ඇත.ඊට අමතරව පොල්ගොල්ල ජලාශයේද වාන් දොරටු 06ක් අඟල් 18 බැගින් ඊයේ (18 වැනිදා) අලුයම සිට විවෘත කර තිබේ.

තවද මඩකලපුව කලපුවේ ජල මට්ටම ද පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඉහළ ගොස් තිබිණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us