විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.
“නාමල් රාජපක්ෂ මහතාට මඩ ගහනවා. එහෙම මඩ ගහනවා කියන්නේ ආණ්ඩුව ඇනගෙන. දැන් 21 වැනිදා රැස්වීම නිසා තමයි මෙහෙම කියන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලන්ඩන් ගියා නේද? එයාලට බලන්න කියන්න නාමල් රාජපක්ෂගේ නීතිඥකම ගැන ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් විස්තර ගන්න කියන්න.
නාමල් රාජපක්ෂ මහතාගේ රැස්වීම 21 වැනිදා තිබෙනවා. ඒකට එරෙහිව අනුර කුමාර දිසානායක මහතා රැස්වීමක් දානවා 20 වැනිදා තංගල්ලේ. ඒකට සෙනඟ ගෙන්නන්න පොලීසිවලට දැනුම් දීලා. තංගල්ලේ පොලීසියෙන් 397ක්, බෙලිඅත්ත පොලීසියෙන් 420ක්, වීරකැටිය පොලීසියෙන් 414ක්, කිරින්ද පොලීසියෙන් 36ක්, වරාය පොලීසියෙන් 36ක්, තිස්සමහාරාමයෙන් 98ක් ගේන්න ඕනෑ කියලා ලිඛිත දැනුම් දීමක් ආණ්ඩුවෙන් කරලා තිබෙනවා.
ඒක එහෙම නෙවෙයි කියලා කීවොත් මම මේ ලියවිල්ල එළියට දානවා. කැබ් රථ ගෙන්වීමේ ටෙන්ඩරය ටොයොටා එකට දුන්නා. මේක ඩීල් එකක්. කැබ් ටෙන්ඩරය දවස් 12න් කරලා තිබුණා. අද ගමට සල්ලි යන්නේ නැහැ. වැඩක් කරන්නේ නැහැ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් යනවා. එහිදී වෛද්‍යවරුන් රෝහල්වල නැති දේ පිටින් ගන්න නිර්දේශ කරන්නෙත් නැහැ. හදවත් සැත්කමක් පවා කර ගන්න විදිහක් නැතිව තිබෙනවා.

