විදේශිකයින් සදහා රියදුරු බලපත්‍ර ගාස්තු ඉහළට - රු. 2,000ක මුදල රු.15,000 දක්වා ඉහළට

Published in පුවත්
Thursday, 20 November 2025 08:07

විදේශිකයින් සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී අය කරන ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස බිමල් රත්නායක මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව විදේශ පුරවැසියෙකුට මාසයක කාලසීමාවක් සඳහා තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේ දී මෙතෙක් අය කළ රුපියල් 2,000ක මුදල රුපියල් 15,000 දක්වා ඉහළ නංවා තිබේ.

මාසයකට වැඩි සහ මාස දෙකක් දක්වා කාලසීමාව සඳහා රියදුරු බලපත්‍රයක් ලබාදීමට අය කරන මුදල රුපියල් 21,000ක් වන අතර මාස දෙකකට වැඩි සහ මාස 6ක් දක්වා කාලසීමාවක් සඳහා රියදුරු බලපත්‍රයක් ලබාදීමට අය කරන මුදල රුපියල් 30,000ක් වේ.

මාස 6කට වැඩි සහ මාස 12ක් දක්වා කාලසීමාවක් සඳහා විදේශ පුරවැසියෙකුට තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට අය කරන මුදල රුපියල් 45,000ක් වන බව ප්‍රවාහන, මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේය.

ඊට අමතරව විදේශ පුරවැසියෙකුට රියදුරු බලපත්‍රයක් අලුත් කිරීම සඳහා අය කරන මුදල රුපියල් 15,000ක් වන අතර රියදුරු බලපත්‍රය විනාශ වී හෝ හානී වී ඇත්නම් එම රියදුරු බලපත්‍රයේ අනු පිටපතක් නිකුත් කිරීම සඳහා අයකරනු ලබන ගාස්තුව රුපියල් 15,000ක් වන බව සඳහන්ය.

එමෙන්ම ශ්‍රී ලංකාවෙන් බැහැරව නිකුත් කරන ලද රියදුරු බලපත්‍රයක් හෝ ඒ හා සමාන රියදුරු බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකික පුරවැසියෙකුට නව රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා මෙතෙක් අය කළ රුපියල් 3,300ක මුදල රුපියල් 30,000 දක්වා ඉහළ නංවා තිබේ.

ශ්‍රී ලංකාවෙන් බැහැරව නිකුත් කරන ලද රියදුරු බලපත්‍රයක් හෝ ඒ හා සමාන රියදුරු බලපත්‍රයක් හිමි විදේශිකයෙකු සඳහා නව රියදුරු බලපත්‍රයක් ලබාදීමට මෙතෙක් අයකළ රුපියල් 15,000ක මුදල රුපියල් 60,000 දක්වා ඉහළ නංවා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us