එජාපය එකතුවෙන්නේ සජබය එක්ක විතරයි - රංජිත් මද්දු­ම­බ­ණ්ඩාර

Published in පුවත්
Thursday, 27 November 2025 08:15

එක්සත් ජාතික පක්ෂය, විප­ක්ෂයේ අනෙ­කුත් කණ්ඩා­යම් සමඟ එකතු වෙන්නේ නැති බවත්, ඔවුන් එකතු වෙන්නේ සමගි ජන බල­වේ­ගය සමඟ පම­ණක් බවත් සමගි ජන බල­වේ­ගයේ මහ­ලේ­කම් රංජිත් මද්දු­ම­බ­ණ්ඩාර මහතා පව­සයි.

එක්සත් ජාතික පක්ෂය සමගි ජන බල­වේ­ගය සමඟ සිදු කරන සාකච්ඡා ශක්ති­මත්ව සිදු­වෙන බවත් හෙතෙම කීවේය. සමගි ජන බල­වේග ප්‍රධාන කාර්යා­ල­යේදී පසු­ගිය 24දා පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් මහ­ලේ­කම් රංජිත් මද්දු­ම­බ­ණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කළේය.

වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැ­සීය,

“සමගි ජන බල­වේ­ගයේ ප්‍රති­සං­වි­ධාන කට­යුතු ආරම්භ කරන්න කට­යුතු කර තිබෙ­නවා. සමගි ජන බල­වේ­ග­යට අලුත් සංවි­ධා­ය­ක­වරු පත් කරන්න කට­යුතු කරනු ලැබුවා. සංවි­ධා­යක ධුර­ව­ලට තරු­ණ­යන්ට අව­ස්ථාව දෙන්න සමගි ජන බල­වේ­ගය කට­යුතු කර තිබෙ­නවා. ඒ වගේම ගම් මට්ට­මින් පක්ෂය ශක්ති­මත් කරන ආකා­රය පිළි­බ­ඳව සංවි­ධා­ය­ක­ව­රුන් දැනු­ම්වත් කර­න්නත් කට­යුතු කරනු ලැබුවා.

ඒ වගේම සමගි ජන බල­වේ­ගය ඉදි­රියේ පැමි­ණෙන ඕනෑම මැති­ව­ර­ණ­යට සූදා­නම්. ගම් මට්ටමේ ශක්ති­මත්ම සංවි­ධාන ශක්තිය තිබෙන ප්‍රධාන පක්ෂය වන්නේ සමගි ජන බල­වේ­ග­යයි. ඒ වගේම කෙඳිරි ගාන්නේ නැතිව පළාත් සභා මැති­ව­ර­ණය වහාම පව­ත්ව­න්නැයි සමගි ජන බල­වේ­ගය ආණ්ඩු­වෙන් ඉල්ලා සිටි­නවා.

ඒ වගේම ආණ්ඩුවේ ජන­ප්‍ර­සා­දය දිනෙන් දින අඩු වෙමින් පව­ති­නවා. විදේ­ශීය රට­වල සිටින ශ්‍රී ලාංකි­ක­යන් ද ආණ්ඩුව ප්‍රති­ක්ෂේප කරන තත්ත්ව­යක් උදා වී තිබෙ­නවා. කෙසේ නමුත් සමගි ජන බල­වේ­ගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහ­තාගේ නාය­ක­ත්ව­යෙන් සමගි ජන බල­වේ­ගය ශක්ති­මත්ව ඉදි­රි­යට ගෙන යන්න කට­යුතු කරනු ලබ­නවා. ඒ අනුව ඉදි­රියේ පැවැ­ත්වෙන ඕනෑම මැති­ව­ර­ණ­ය­කින් ජය­ග්‍ර­හ­ණය කර­න්නත් සමගි ජන බල­වේ­ගය කට­යුතු කරනු ලබ­නවා.

ඒ වගේම සමගි ජන බල­වේ­ගයේ ප්‍රති­ප­ත්ති­ව­ලට එකඟ වන කණ්ඩා­යම සමඟ එක­තුවී සමගි ජන බල­වේ­ගය ඉදි­රි­යේදී කට­යුතු කරනු ලබ­නවා. එයින් ප්‍රධාන කණ්ඩා­යම වන්නේ එක්සත් ජාතික පක්ෂ­යයි.”

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us