වයස 15-24 කාණ්ඩය එසේ ආසාදනය වී ඇති බව ඇය පෙන්වා දුන්නාය. රෝගය සහ රෝග නිවාරණය පිළිබඳ නොදැනුම්වත් බව ඊට ප්‍රධාන හේතුව බව ඇය අවධාරණය කළාය.
ලෝක ඒඩ්ස් දිනය දෙසැම්බර් 01 දිනට යෙදී තිබේ.
‘අභියෝග ජයගෙන HIV නිවාරණය නව මඟකට ගැනීම’ මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාව නිමිත්තෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ (26දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවැත්වූ අවස්ථාවේදී විශේෂඥ වෛද්‍යවරිය මේ බව පැවසුවාය.
තරුණ ප්‍රජාව තුළ HIV ආසාදනය වැළැක්වීමේ අවශ්‍යතාව පැහැදිලි කළ විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් මෙසේ පැවසුවාය.
“තරුණ ප්‍රජාව වඩාත් නැඹුරු සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ට මේ පණිවුඩය ලබාදීම අරමුණයි. එළැඹෙන 01 වැනිදා ගෝල්ෆේස් පිටියෙන් දැනුම්වත් කිරීමේ පාගමනක් ආරම්භ කෙරේ. තරුණ තරුණියන් ඒ සඳහා සහභාගි කරගැනීමට නියමිතයි.
කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ස්ථාන 10කදී HIV පරීක්ෂාව නොමිලේ පැවැත්වේ. තරුණ තරුණියන්ට වඩාත් කිට්ටු ටික්ටොක් සහ සමාජ මාධ්‍ය ඔස්සේත් දැනුම්වත් කිරීම් කෙරේ. know4sure.lk වෙබ් අඩවියෙන් සියලු කරුණු දැනගැනීමටත් හැකියි.
මවගෙන් දරුවාට HIV තුරන් කිරීම රටක් ලෙස 2019 වසරේදී දිනාගත් අතර එය ඉදිරියට පවත්වාගෙන යෑම වැදගත්. ඒ වගේම 2030දී ඒඩ්ස් අවසන් කිරීමටත් නියමිතය. ඒ සඳහා නව ආසාදන 95%ක් දක්වා අඩු කළ යුතුයි. ප්‍රතිකාර හා සේවා 95%කට වඩා ලබාගත යුතු අතර එසේ ප්‍රතිකාර සහ සේවාව ලබාගන්නා අය කොන්කිරීම හා වෙන්කර සැලකීම අවම කරගත යුතු වේ. ඊට අමතරව ඒඩ්ස් මරණ අඩුකරගත යුතුයි. මේ සඳහා වැඩසටහන් ක්‍රියාත්මකයි.”

