ත්‍රිවිධ හමුදා සෙබලුන් 28,500ක පිරිසක් මුදාගැනීමේ මෙහෙයුම්වල

Published in පුවත්
Thursday, 04 December 2025 10:44

ගලවාගැනීමේ සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සෙබලුන් 28,500ක පිරිසක් තවදුරටත් යොදවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා පවසයි.

ඔහු පවසන්නේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටි පුද්ගලයින් 31,057 දෙනෙකු මුදා ගැනීමට ත්‍රිවිධ හමුදාව කටයුතු කර ඇති බවය.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වයත් සමග බිදවැටුනු විදුලි සංදේශන පද්ධතිය සියයට 75කට වඩා මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් බන්ධුල හේරත් මහතා සදහන් කළේ බිදවැටුනු ෆයිබර් සබඳතාද යළි යථා තත්ත්වයට පත් කරමින් සිටින බවය.

මේ අතර ආපදා තත්ත්වය හමුවේ මෙරටට පැමිණි කිසිදු සංචාරකයෙකුට බරපතල බලපෑම් එල්ල වී නොමැති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

එහි සභාපති බුද්ධික හේවාවසම් මහතා පැවසුවේ සියලුම සංචාරක ගමනාන්ත වෙත මේ වන විට ප්‍රවේශ වීමේ හැකියාව පවතින බවය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us