යටවූ ඉන්ධන පිරවුම්හල් යථා තත්වයට පත් කිරීම කඩිනමින්

Published in පුවත්
Friday, 05 December 2025 18:08

ගංවතුරින් යටවූ ඉන්ධන පිරවුම්හල් යථා තත්ත්වයට පත් කිරීම කඩිනමින් සිදු කරන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.

පිරවුම්හල් 36ක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී අකර්මන්‍ය තත්ත්වයට පත් වූ බවත් ඉන් පිරවුම්හල් 14ක් හැර අනෙක් සියල්ල ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට හැකි වූ බවත් සභාපතිවරයා එහිදී සඳහන් කළේය.

විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අද (05) මේ බව පවසා සිටියේය.

ජලයෙන් යට වූ ඉන්ධන පිරවුම්හල් තව දින 3ක් ඇතුළත අලුත්වැඩියා කර සම්පූර්ණ කළ හැකි බව පැවසූ ඔහු නුවර හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ළඟා වීමට නොහැකි ඉන්ධන පිරවුම්හල් 5ක් තිබෙන බවද කියා සිටියේය.

ඒ අනුව දෙල්තොට, ගලහා, පුස්සැල්ලාව, උඩපුස්සැල්ලාව, නුවර යන ප්‍රදේශවල පිරවුම්හල් 5කට මෙසේ තවමත් ළගා වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ඩී.ජේ. රාජකරුණා මහතා වැඩිදුරටත් පැවසීය.

එහිදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මෙම පිරවුම්හල් 5 යථා තත්ත්වයට පත් කිරීමට යම් කාලයක් ගත වනු ඇති බවය.

එමෙන්ම අදාළ ප්‍රදේශවල ළඟාවීමට හැකි වූ වහාම එම පිරවුම්හල් පහේ අලුත්වැඩියා කිරීම් කටයුතු ආරම්භ කරන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us