හානියට ලක් වූ මුදල් නෝට්ටු පරිහරණය සඳහා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්

Published in පුවත්
Friday, 05 December 2025 18:36

ගංවතුරෙන් හානියට ලක් වූ මුදල් නෝට්ටු පරිහරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

එම මුදල් නෝට්ටු තවදුරටත් හානිවීම වළක්වා ගැනීම සහ නිසි ලෙස පරිහරණය කිරීම සඳහා එම මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසයි මහ බැංකුව මහජනතාවට උපදෙස් ලබාදෙන්නේ.

එම උපදෙස් පහතින්.
01. තෙත් වූ මුදල් නෝට්ටු වෙන් කිරීම
– තෙත් වූ මුදල් නෝට්ටු ඉතා ප්‍රවේශමෙන් මෘදු ලෙස හසුරුවන්න
– මුදල් නෝට්ටු මිටි වශයෙන් තිබේ නම්, ඒවා එක්වර ඉවතට ඇදීමෙන් වළකින්න
– මුදල් නෝට්ටු මිටි ලිහා, තෙත උරාගන්නා ද්‍රව්‍යයකින් ඔතා කාමර උෂ්ණත්වයේ දී සෙමින් වියළීමට ඉඩ හරින්න
– මුදල් නෝට්ටු එකිනෙක වෙන් නොවන්නේ නම්, මුදල් මිටිය සීතල හෝ මද රස්නය සහිත පිරිසිදු ජලයේ ගිල්වා, පසුව නෝට්ටු ලිහිල් කිරීම සඳහා වරකට කෙළවරකින් අල්ලා මුදල් මිටිය මෘදු ලෙස සොලවා, නෝට්ටු වෙන් කිරීමට උත්සාහ කරන්න

උණු වතුර, රෙදි සෝදන කුඩු (detergent) හෝ රසායනික ද්‍රව්‍ය භාවිත නොකරන්න

02. මුදල් නෝට්ටු වියළීම
– සෑම මුදල් නෝට්ටුවක්ම පිරිසිදු, වියළි මතුපිටක් මත (මෘදු රෙදි, කඩදාසි, තුවා තෙත මාත්තු කරන කඩදාසි) අතුරා තැබිය යුතු අතර එය වර්ණවත් හෝ මුද්‍රිත නොවිය යුතුය
– මුදල් නෝට්ටු වාතාශ්‍රය ඇති ස්ථානයක ස්වභාවිකව වාතයේ වියළීමට ඉඩ හරින්න
– ඉස්ත්‍රික්ක, උඳුන් හෝ කිසිදු අධික තාප ප්‍රභවයක් භාවිත නොකරන්න

03. හුවමාරුව සඳහා ඉදිරිපත් කිරීම
– සම්පූර්ණයෙන්ම වියළී ගිය පසු, ගනු දෙනු සදහා තවදුරටත් භාවිතයට ගත නොහැකි බව හැඟීයන මුදල් නෝට්ටු හුවමාරුව සඳහා ඕනෑම වාණිජ බැංකුවකට ඉදිරිපත් කළ හැකිය

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us