මෙසේ විනාශ වී ඇත්තේ අපනයනය සඳහා තේ සකස් කරන ලද සැකසුම් මධ්‍යස්ථාන සහ ගබඩා වෙයි.
කැලණි ගඟේ ගංවතුර මට්ටම ඉහළ යාම නිසා මෙම මධ්‍යස්ථානවල යන්ත්‍ර සූත්‍ර ආදියට හානි සිදුවී ඇතැයිද අනාවරණය වේ.
සිය ව්‍යාපාර කටයුතු ඉදිරියට කරගෙන යාමේ අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව තිබෙන බැවින් එම කර්මාන්ත ශාලා හිමියන් විසින් තේ මණ්ඩලය හරහා රජයට යෝජනා හතරක් ඉදිරිපත් කර ඇත.
තේ අපනයනකරුවන් සංගමය සහ කුඩා හා මධ්‍යම පරිමාණ අපනයනකරුවන්ගේ සංගමය ලෙස මෙම යෝජනා ඉදිරිපත් කර තිබේ.
සිය කර්මාන්තශාලා සහ ගබඩා නැවත ගොඩ නගා ගැනීමට අඩු පොලී පදනම යටතේ සහන ණය මුදලක් ලබාදෙන ලෙසත්, අහෝසි කරන ලද සරල කරන ලද වැට් බදු ක්‍රමය (SVAT) නැවත ක්‍රියාත්මක කරන ලෙස හෝ වැට් බදු ආපසු ගෙවීම දින 45 ක් තුළ සිදුකරන ලෙසත්, රක්ෂණ වන්දි කඩිනමින් ලබාගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් අපනයනකරුවන් යෝජනා කර තිබේ.
“දිට්වා“සුළි කුණාටුවෙන් තේ වගාවට සිදුවී තිබෙන හානිය සම්බන්ධව පූර්ණ සමීක්ෂණයක් සිදුකරන බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ.ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසුවේය.
වතු අංශයට සිදුවී තිබෙන හානිය සම්බන්ධව මේ වනවිට තොරතුරු රැස්කරමින් පවතින බව තේ වැවිලි කරුවන්ගේ සංගම් නියෝජිතයෝ කියා සිටිති. දුරකථන සබඳතා බිඳවැටීම නිසා දිවයිනේ ඇතැම් වතු ප්‍රදේශවල තොරතුරු ලබාගැනීමේ අපහසුතාවක් පවතින බවද ඔවුහු පවසා සිටිති.

