ආපදාවන්ට ලක්වූ පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා ණය සහන

Published in පුවත්
Saturday, 06 December 2025 08:01

මෑත කාලීන සුළි සුළං සහ ගංවතුර හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී බැංකු මගින් සහන සැලසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය මත අනවශ්‍ය බලපෑමක් ඇති නොවන ආකාරයට, බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට ඵලදායී ලෙස සහන ලබාදීමේ අවශ්‍යතාවය හා ශ්‍රී ලංකා බැංකු සංගමයේ යෝජනා සලකා බලමින්, තම ආදායමට හෝ ව්‍යාපාරයට සෘජු බලපෑම් සිදුවූ පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා (මින් ඉදිරියට ණය ගනුදෙනුකරුවන් ලෙස හඳුන්වනු ලැබේ) සහන ලබාදීමේ අරමුණින් බලපත්‍රලාභි බැංකු වෙත 2025 අංක 04 දරන 2025.12.05 දිනැති චක්‍රලේඛය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත.

ණය ගනුදෙනුකරුවන් අදාළ බලපත්‍රලාභි බැංකු වෙත ලිඛිතව හෝ විද්‍යුත් මාර්ගයෙන් 2026.01.15 දිනට පෙර ඉල්ලීමක් කළ විට පහත දක්වා ඇති සහන ලබාදෙන ලෙස බලපත්‍රලාභි බැංකු වෙත දැනුම්දී තිබේ.

තාවකාලික ණය සහන
බලපෑමට ලක්වූ ණය ගනුදෙනුකරුවන්ට නව ණය පහසුකම්
ප්‍රමාද ගාස්තු / දඩ පොලී ආදිය අය කිරීම අත්හිටුවීම (2026/01/31 දක්වා)
ණය පහසුකම්වලට අදාළ සැකැස්මක් ඉදිරිපත් කිරීම
ඉහත සඳහන් ණය සහන ලබාදීම සම්බන්ධයෙන් ප්‍රතික්ෂේප කිරීමක් ඇති වුවහොත්, බලපත්‍රලාභී බැංකු විසින් එවැනි ප්‍රතික්ෂේප කිරීමකට හේතුවූ කරුණු ලිඛිතව ණය ගනුදෙනුකරු වෙත දැනුම්දිය යුතු අතර, අයදුම්කරුට එම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.

තවද, ණය ගනුදෙනු කරුවන්ගෙන් ලැබෙන නව ණය අයදුම්පත් බලපත්‍රලාභී බැංකු විසින් අසතුටුදායක ණය තොරතුරු කාර්යාංශ වාර්තා මත පමණක් පදනම්ව ප්‍රතික්ෂේප කිරීම සිදු නොකළ යුතු බවට ද උපදෙස් ලබා දී ඇත

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us