හදිසි ආපදා නිසා හෘදයාබාධ ඇතිවීම 40%කින් පමණ ඉහළයෑමේ අවදානමක්

Published in පුවත්
Monday, 08 December 2025 07:30

දිට්වා සුළි කුණාටුව වැනි හදිසි ආපදා තත්ත්වයකින් පසු පුද්ගලයන් හෘදයාබාධවලට ලක්වීම සියයට 40 කින් පමණ ඉහළ යා හැකි බව ජාත්‍යන්තර අධ්‍යයනවලින් තහවුරු වී ඇතැයි හෘද විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ පැවැසීය.

මෙවැනි හදිසි විපතකදී ගේදොර ඉඩ කඩම් හා සමීපතමයින් අහිමිවීම යන කරුණු මත යම් යම් අයගේ මානසික ආතතිය මත මෙලෙස හෘද රෝගවලට ගොදුරු විය හැකි බව ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

මානසික ආතතිය, රුධිර පීඩනය වැඩිවීම, හෘද ස්පන්ධන වේගය ඉහළයාම ආදිය මෙම තත්ත්වයට බලපාන බවද එම වෛද්‍යවරයා පෙන්වා දෙයි.

රුධිර පීඩන පෙති, දියවැඩියා ඖෂධ, කොලෙස්ටරෝල් පෙති, ඇස්පිරින් සහ ක්ලොපිඩොග්‍රෙල්, වෝෆරින් ආදිය ගැනීමට නොහැකිවීම ආදී කාරණා ද මීට හේතුවන බව විශේෂඥ වෛද්‍යවරයා කියා සිටී.

එනිසා මෙවැනි මොහොතක මානසික ශක්තිය ඇති කරගෙන යහපත් නින්දක් ලබා ගැනීම කළ යුතු බවද විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ පෙන්වා දෙයි. සිරුරට යම් කිසි අපහසුවක් හෝ හදවත් රෝගී තත්ත්වයක් මතු වන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු විය යුතු බවත් වැදගත්ම දේ වන්නේ මානසික ශක්තිය ඇති කරගෙන දැනට ලබාගන්නා ඖෂධ අමතක නොරක ලබාගැනීම බවද විශේෂඥ වෛද්‍යවරයා ජනතාවට දැනුම් දෙයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us