සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංකයට (1926 ) ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේ දී මෙම මස් තොගය හමු වී ඇත.
ඒ අනුව අදාළ සත්ත්ව ගොවිපොළ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පරික්ෂාවට ලක්කර, එම මස් තොගය මුද්‍රා තැබූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා පැවසීය.
ඒ අනුව එම මස්වල සාම්පල අද (8) රජයේ රස පරික්ෂක වෙත යොමු කිරීමට නියමිතය.
රස පරික්ෂක වාර්තා අනුව ඉදිරි නෛතික කටයුතු සිදු කෙරේ.

