සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගේ ආධාරකරුවකු ලෙස සැලකෙන රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පදවියටත්, මැතිවරණ සම්බන්ධ නියෝජ්‍ය මහලේකම් පදවිය තලතා අතුකෝරල මන්ත්‍රීවරියටත් හිමිව තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් නියෝජ්‍ය මහලේකම් පදවියකට පත්කොට ඇත.
පුරප්පාඩු වී පැවති එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික පදවියට එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා පත්කොට තිබේ.
ඊයේ සිරිකොතේ පැවති කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී මෙම තනතුරු හය සඳහා නම් යෝජනා කොට ඇත්තේ පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම වීම විශේෂත්වයකි. මෙම පත්කිරීම් සියල්ල කිසිදු විරෝධතාවක් නොමැතිවම ඒකමතිකව සම්මත වී තිබේ.
මෙහිදී පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පහසු කිරීම පිණිස උපනායක තනතුරින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් මයිකල් පෙරේරා මහතා ඉල්ලා අස්‌වී තිබේ.
හරින් තනතුරු එපා කියයි :
ජාතික යොවුන් පෙරමුණේ සභාපති ධුරයෙන් තමන්ද ඉල්ලා අස්‌වී එය හරීන් ප්‍රනාන්දු මහතා වෙත ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විඡේවර්ධන මහතා කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට යෝජනා කර ඇත.
එහෙත් තමාට තනතුරු අවශ්‍ය නැතැයි හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබේ. ඒ සම්බන්ධව පසුව සාකච්ඡා කොට තීරණයකට එළඹෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.
සිරිකොතදී ඊයේ (23 දා) පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී එක්‌සත් ජාතික පක්‍ෂයේ නව නියෝජ්‍ය නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කොට ඇත. උප නායක ධුරය සඳහා රවී කරුණානායක මහතා පත්ව තිබේ.
Leave a comment
Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...