මියගිය සහ අතුරුදන් වූ පුද්ගලයින්ගේ මරණ ලියාපදිංචි කිරීමට සැලසුම්

Published in පුවත්
Tuesday, 09 December 2025 08:32

"දිට්වා" සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් සිදුවූ නායයෑම් සහ ගංවතුර නිසා මරණයට පත්වූ හෝ අතුරුදන් වූ පුද්ගලයින්ගේ මරණ ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය වන නීතිමය ප්‍රතිපාදන මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙම ව්‍යවසනයෙන් යම් පුද්ගලයෙකුගේ, ඥාතියෙකු හෝ හිත මිතුරන් අතුරුදහන්ව ඇති බවට වාර්තා වී ඇතිනම් එම අතුරුදන් වූ තැනැත්තන්ගේ මරණ ලියාපදිංචිය සඳහා අවශ්‍යමය නීතිමය ප්‍රතිපාදන සකසා ඇති බවය.

ජාතික ව්‍යවසන පාත්‍ර ප්‍රදේශ, පරිපාලන දිස්ත්‍රික්ක වශයෙන් මරණ ලියාපදිංචි කිරීමේ තාවකාලික විධිවිධාන පනතට අනුව දෙසැම්බර් මස 2වන දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙම ව්‍යසනය යටතේ අතුරුදන් වූ තැනැත්තෙකුගේ මරණය ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලා සිටින්නේ යම් තැනැත්තෙකුගේ ද ඒ තැනැත්තා පුරුද්දක් ලෙස වාසය කළ ප්‍රදේශයේ ග්‍රමනිළධාරී වෙත තොරුතුරු සහිත ඉල්ලුම් පත්‍රයක් සහ එම කරුණු තහවුරු කරනු ලබන දිවුරුම් ප්‍රකාශයක් සමග ඉදිරිපත් කරළ යුතු වේ.

ග්‍රාම නිළධාරීවරයා විසින් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කරන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ආදාළ ග්‍රාමනිළධාරී කාර්යාලයේ සති දෙකක් කාලයක් විරෝධතා සඳහා එය ප්‍රදර්ශනය කළ යුතු බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

විරෝධතා නොමැතිනම් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අනුමැතිය සඳහා රෙජිස්ටාර් ජනරාල් විසින් බලය පවරන ලද කලාප භාර නියෝජ්‍ය හෝ සහකාර රෙජිස්ටාර් ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතු වේ.

විරෝධතා ඉදිරිපත් වුවහොත් ඒ සඳහා පරීක්ෂණයක් සිදුකර සුදුසු කටයුතු සිදුකිරීමට උපදෙස් ලබා දී ඇති බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

මේ යටතේ යම් පුද්ගලයෙකු දක්නට නොමැති බවට වූ සහතිකයක් ඉල්ලීම් කර ඇති විට ඉහත පරිදි අයදුම්පත් බාරගෙන නිසි පරීක්ෂණ කටයුතු සිදුකර ප්‍රාදේශීය ලේකම්වරයා විසින් දක්නට නොමැති බවට වූ සහතිකයක් නිකුත් කිරීමට ද උපදෙස් ලබා දී ඇති බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

මේ අතර පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ලේඛන රැසක් ජල හානියට පත්ව ඇති බව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීරා රූපසිංහ මහත්මිය සදහන් කළේ එහිදී වැඩිම හානියක් සිදුව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයට බවය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us