හේමකුමාර නානායක්කාර සර්වජන බලයේ ජ්‍යෙෂ්ඨ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

Published in පුවත්
Sunday, 14 December 2025 12:41

මින් ඉදිරියට කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවී  මාතෘ භූමියේ අභිමානය,  ප්‍රෞඪ ජාතියේ ශ්‍රේෂ්ඨත්වය සහ බුදු දහමේ අභිවෘද්ධිය වෙනුවෙන් පූර්ණකාලීනව කටයුතු කිරීමට තීරණය කළ බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය සර්ව ජන බලයේ ජ්‍යෙෂ්ඨ නායක ආචාර්ය හේම කුමාර නානායක්කාර මහතා පවසයි.

"පෙරළි කාර හේමකුමාර "නම් වූ චරිතාපදානය කෘතිය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වෙමින් ඔහු පැවසීය.

පසුගියදා කොළඹ පදනම් ආයතනයේදී පැවති මෙම උත්සවය පූජ්‍යපාද ඇල්ලේ ගුණවංශ නාහිමිපාණන් වහන්සේගේ සහ දේශ මාන්‍ය හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ට අමතරව වර්තමාන රජයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ඇතුළු හිටපු මැති ඇමතිවරුන් ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි .

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ආචාර්ය හේම කුමාර නානායක්කාර මහතා,


වර්තමානය වන විට බොහෝ පිරිස් සහ සමහර නායකකාරකාදීන්ගේ ක්‍රියාකාරකම් අදහස් උදහස් සහ වැඩ සටහන් පිළිබඳ විමර්ශනය කර බැලීමේදී අපගේ ජාතිය සහ ආගම බරපතළ ලෙස තර්ජනයට ලක්වෙමින් පවතින බව පෙන්වා දුන්නේය. .මෙය නිහඬව දෑත් බැඳ බලා සිටිය යුතු අවධියක් නොවන බව මට දැන් කාලයක සිට හිතට වද දෙන සිතුවිල්ලක් වී ඇත .ඒ සඳහා මමත් පෙරමුණ ගත යුතුයි යන හැඟීම තුළ මා තවදුරටත් දේශපාලන පක්ෂයකට ගැති නොවී නිදහස් පුද්ගලයෙකු වශයෙන් කටයුතු කිරීමට තීරණය කර ඇති බව කියා සිටී හේම කුමාර නානායක්කාර මහතා, ඒ සඳහා මහා සංඝරත්නයේ ආශිර්වාදයත් මග පෙන්වීමත් අපගේ විද්වතුන්ගේ සහයෝගය සහ සහභාගිත්වයත් අපේක්ෂා කරන බව කියා සිටියේය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම අප සියලු දෙනාගේම වගකීම සහ යුතුකම බව කියා සිටි ආචාර්ය හේම කුමාර නානායක්කාර මහතා ප්‍රජා තන්ත්‍රවාදීව පිහිටුවා ගත් ආණ්ඩුවක් බලහත්කාරයෙන් අරගලකර පෙරලා දැමීමට කිසිම කෙනෙකුට අයිතියක් නොමැති බවත් ජනාධිපතිවරයෙක් ආණ්ඩුවක් වෙනස් කිරීමට ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමේ ක්‍රමවේදයක් අපේ ව්‍යවස්ථාවේ අඩංගු බව පෙන්වා දුන් හේම කුමාර නානායක්කාර මහතා මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතුවලට සමහර විදෙස් රටවල් වල සෘජු මැදිහත්වීම් ඇති බවත් ඒවායින් අපේ රටත් ජාතියත් ආරක්ෂා කර ගැනීම අප හැමදෙනාගේම වගකීම වන බවද පෙන්වා දුන්නේය.

පූජ්‍ය පාදපූජ්‍යපාද ඇල්ලේ ගුණවංශ නා හිමිපාණන් වහන්සේ හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා,හිටපු කතානායක දේශමාන්‍ය කරු ජයසූරිය මහතාද මෙදිනදින සභාව අමතන ලදී.

ප්‍රවීණ ගත් කතුවරයෙකු සහ මාධ්‍යවේදියකු වන ජගත්චන්ද්‍ර මහතා රචනා කරන ලද පෙරළිකාර හේම කුමාර ග්‍රන්ථය අලවියෙන් ලැබෙන සියලුම මුදල් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන අරමුදලට බැර කිරීමට තීරණය කර ඇත.

hem1hem5hem2hem3hem4

Last modified on Sunday, 14 December 2025 12:41

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us