ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් 263ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 146ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් 57ක් වාර්තා වී ඇති බව ඔහු ප්‍රකාශ කර ඇත.
මීට අමතරව යාපනයෙන් 36ක්, කුරුණෑගලින් 26ක්, රත්නපුරෙන් 68ක් හා කෑගල්ලෙන් 20 දෙනකු වාර්තා වී ඇති බව ඒ මහතා කියා සිටියේය.
ඉදිරියේදී ඊසාන මෝසම ඇති වන හෙයින් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි විය හැකි බව පැවැසූ කපිල කන්නංගර මහතා සිය පරිසරය පිරිසුදුව තබා ගැනීම ජනතාවගේ වගකීමක් හා යුතුකමක් බව පැවසීය.
ශ්‍රී ලංකා රතු කුරුස සමාජය (SLRCS), ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩ සඳ සමාජය (IFRC) හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු පාලන ඒකකය (NDCU) ආයතන එක්ව මෙම ක්‍රියාකාරි සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ගෝලීය වශයෙන් ඩෙංගු රෝගය කෙරෙහි අවධානය යොමු කළ පළමු පූර්ව ක්‍රියාකාරී විධිවිධාන සැලැස්ම මෙයයි.
ප්‍රජාව සවිබල ගැන්වීමෙන් ඩෙංගු වසංගතයෙන් ඇති වන්නා වූ සමස්ත බලපෑම අවම කිරීම, රෝගී තත්ත්වයන් සහ මරණ සංඛ්‍යාව අවම කරගැනීමට හැකි වීම සහ දරුවන් ඩෙංගු වසංගතයෙන් ආරක්ෂා කිරීම වැනි කරුණු මෙම වැඩපිළිවෙළ මඟින් අපේක්ෂා කෙරේ.

