ඔහු මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුරය, දෙහිඅත්තකණ්ඩිය සහ වරකාපොළ ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවලට එක්වීමෙන් අනතුරුවය.
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ගංවතුරෙන් හානි වු කලා ඔය පන්සල (කලා ඔය සිරි විජය බෝධි විහාරය) මගීන් 69ක් සමග අනතුරට පත් බසය පෙරැළී තිබූ ස්ථානය සහ එම මගීන් තාවකාලිකව රැඳී සිටි කඩකාමර ගොඩනැඟිල්ල පිහිටි ස්ථානය ද මන්ත්‍රිවරයා විසින් නිරීක්ෂණය කරන ලදී.
එමෙන්ම වරකාපොළ මාදෙනිය දෙමළ විද්‍යාලයේ නායයාමේ තර්ජනයට මුහුණ පා අවතැන්ව සිටින සිංහල හා දමිළ ජනතාවගේ සුවදුක් විමසීමට ද ඔහු එක් විය.
මීට පෙර පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස තමන් අගමැතිනි හරිනි අමරසූරියගෙන් සහ කථානායක ජගත් වික්‍රමරත්නගෙන් විශේෂ ඉල්ලීමක් කළ බවත් එය මල්ඵල ගැන්වීම තරුණ මන්ත්‍රිවරයකු ලෙස තමන්ට එය මහත් සතුටක් බවත් ඔහු මෙහිදී පැවැසීය. එමෙන්ම පසුගිය දිනවල සුළිසුළඟින් ආපදාවට ලක්වූ ප්‍රදේශවලට ගොස් විපතට පත් ජනතාව හමු වූ බවත් ඔවුන්ට කඩිනමින් සහන අවශ්‍ය බවත් කී මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
‘‘මේ වෙලාවේ කළ යුත්තේ ගම තුළ දේශපාලනය කරන එක නොව අවතැන් වූ ජනතාවගේ ජීවන තත්ත්වය නංවන්න හැකි උපරිම සහයෝගය ජනතාව වෙනුවෙන් ලබා දීමයි. මේ වෙනුවෙන් විපක්ෂයක් හැටියට පෙනී සිටිනවා.

